ඊයේ හවස
නාඩියා ටවුන් එක පැත්තේ යද්දී නිල පාට ෂර්ට් ඇඳ ගත්ත කාන්තාවෝ රොත්තක්ම ටවුන් එකේ එහෙ මෙහේ ඇවිදිනවා....නාඩියා පොඩ්ඩක් විපරම්
කරලා බැලුවා..මොකෝ FBI එකෙන්වත්ද
දාන්නේ නෑනේ!
අනේ නෑ..අපේ
රටට විදේශ විනිමය ගේන දැයේ වීර කාන්තාවෝ!ඇඟලුම් කම්හල් සේවිකාවෝ...සමහර අයගේ
වචනෙන් කියනවනම් ජුකී කෙල්ලෝ!නාඩියා පොඩ්ඩක් එක්කෙනෙක්ට කිට්ටු කරලා ඇහුවා..
“නංගි අද
නිවාඩුද?”
“නෑ අයියා..අද
2 ට off…”
“මොකෝ මේ
කස්ටිය අතේම ලොකු බඩු මලු?”
“අද පඩි
බැංකුවට දාන දවසනේ අයියා..මේ ගෙදරට ඕනේ බඩු ටිකක් අරං යනවා”
මේ කතා ටික
ඇහුණාම නාඩියාට හිතුනා ගොඩක් කල ඉදන් හිතේ ගුලි කරන් ඉන්න මොනවාදෝ ටිකක් කොටලා දාන
ඕනේ කියලා..
77 විවෘත
ආර්ථිකෙත් එක්කම රටට ආපු දෙයක් තමයි ඇඟලුම් කම්හල්..අද අපේ රටේ විදේශ විනිමය ගේන
ප්‍රධාන මාර්ගයක් වෙලා..කාලයක් යද්දී රටේ කතාවකුත් හැදුන “මල්ලි ආමි..නංගි ජුකී”
කියලා..ඇත්තටම කිව්වොත් ලංකාවේ තියන අධ්‍යාපන ක්‍රමෙත් එක්ක පවුල් බර කරට ගන්න
පාසලෙන් පිටවෙන අපේ ගම් වල අක්කල නංගිලා ගොඩකගේ එකම ගැලවුම් කරුවා වෙන්නේ ගාමන්ට්!
නාඩියා මේ
ලඟදි අර ජන සංගනනේ කියන ඒකට ගියානේ...එකේදී මම ගිය “එක්තරා” ගමක තරුණ කාන්තාවෝ
ගොඩාක් අය නාඩියට හම්බුනේ නෑ..(නාඩියා දවල් ගියේ ඈ!මොකෝ මෝල් ගස් පාරවල් කන්න
බෑනේ) ගෙවල් වලින් ගොඩක් වෙලාවට මෙහෙම උත්තරයක් තමයි ලැබෙන්නේ...
“නංගි/අක්කා
*****(ගාමන්ට් එකක නමක් ) එකේ වැඩට යනවනේ පුතේ..උදේම යනවා..බස් එක හන්දියට
එනවනේ...”
නාඩියා ගණන්
හදපු විදිහට මේ වටේ තියෙන ගාමන්ට් ෆැක්ටරි තුන හතර නැත්නම් ඒ ගමේ කාන්තාවන්ගේ
විරැකියාව 80% ත් පන්නනවා!!
හැබැයි ඉතිං
අපේ නංගිලා අක්කලා මේවට යන්නේ අහසේ මාලිගා හදන්න නෙවෙයි...ඉස්සරහට එකලාසයක් වෙන්න
අත කන කර ටික හදා ගන්න..ඔත්පල වෙලා ඉන්න අප්පච්චිට බේත් ටික අරං දෙන්න...ඉස්කෝලේ
යන නංගිට පොත් පෑන් අරං දෙන්න...ඒ වගේ අහිංසක බලාපොරාත්තු ටිකක් තමයි තියෙන්නේ...
මොකෝ හම්බෙන
සොච්චමෙන් ඊට වඩා දෙයක් කරන්න බෑ...
AL ඉවර වෙලා ගෙදර
ඉන්න දවස් වල නාඩියාත් ගියා පොඩි ජොබ් කට්ටකට...හැබැයි සතියක් විතර තමයි
ගියේ...ඉතා ප්‍රසිද්ධ ඇඟලුම් කම්හල් ජාලයක audit වැඩේ කරන්න...හැබැයි ආතල් ජොබ් එකක්!එක තැනක
අපිට කරන්න තිබ්බේ ඒවගේ ගබඩා පරික්ෂා කරන එක..එක දවසක් වැඩ කර කර ඉද්දි අක්කා
කෙනෙක් ඇවිත් කතා කළා..
“මල්ලි
කැම්පස් ද?”
“තව නෑ
අක්කා..යන්න ඉන්නේ...”
“මාත් කැම්පස්
තමයි මල්ලි..**** හිටියේ...අවුට් වෙලා අවුරුදු
3 ක් රස්සාවක් නැතිව හිටියා..ඊට පස්සේ හැමදාම ගෙදරට බරක් වෙන්න බැරි හින්ද
මෙතනට ආවා...මෙතන අපිත් එක්ක කැම්පස් හිටිය තව දෙන්නෙක් වැඩ කරනවා මල්ලි...!!!"
නාඩියාට කතා
කරගන්න බැරි උනා!මොකෝ ඒ වෙනකොට අපි කැම්පස් එකේ ඩිග්‍රිය කියන එක පුජනියත්වයෙන්
අදහන කාලේ!මේක තමයි අද අපි වැටිලා ඉන්න තත්ත්වේ...!
තව දවසක් අපිට
උන්න උනා ඒ සමාගම් ජාලයේම තවත් කම්හලක transport audit එකකට...(වල් රජාලගේ
ගෙවල් පැත්තේ!)ඒ කියන්නේ කුලී පදනමට අරන් ඉන්න ඩ්‍රයිවර් මහත්තුරු හොර කරනවද කියල
බලන්න තමයි අපිට තිබ්බේ...Night shift එක කරලා කස්ටිය එලියට එද්දී රෑ 10 යි! ඊට පස්සේ සමහරු වැන්
එකේ ගිහින් ගෙදරින් බහිද්දී රෑ 11.30 වත් වෙනවා!(නාඩියාත් ඔය වෑන් එකේ ගියා!විත්
එක්ස්පිරියන්ස් ඈ!)ඒත් කොච්චර රෑ උනත් පහුවදා වැඩට එන්නත් ඕනේ!ඇත්තටම එදා නම්
නාඩියාට පවු කියල හිතුනා..
නාඩියාත් එක්ක
එකට ඉස්කෝලේ ගිය යෙහෙළියෝ ගොඩක් අද ගාමන්ට් යනවා...සමහරු අපිව දැක්කහම බිම බලාගෙන
යන්නේ..මොකද්දෝ ලැජ්ජාවකින් වගේ....අපේ සමහර යාලුවොත් එයාලා දැක්කහම නොදැක්ක වගේ
යනවා..දවසක් නාඩියා එහෙම එකෙක්ගෙන් මෙහෙම ඇහුවා..
“මොකෝ බං උඹ
අරකි දැක්කහම නොදැක්ක වගේ ගියේ?උඹේ පන්තියේ නේද හිටියේ?
“යකෝ එහෙම කතා
කරන්න පුලුවන්ද බං..අපි කැම්පස් නේ!එකී ගාමන්ට් කෙල්ලෙක්!අපේ තත්ත්වෙට හරි නෑනේ
මචං...!”
අනේ උගේ ***
රෙද්දේ තත්ත්වේ!
ඔන්න ප්‍රබුද්ධයි
කියන සම“හරක්” හිතන විදිහ!
අනිත් එක ඔය
එක එක ස්ටයිල් දාන පොස් යැයි කියා ගන්න කෙල්ලෙක්ගෙන් අහන්න ජුකී මැෂින් කරකෝන නංගි
කෙනෙක් එක්ක shopping යන්න...Dinner out එකකට යන්න කැමතිද
කියල...?
මං කියන එක
බොරුනම් ඕනේ කොල්ලෙක්ගෙන් අහල බලන්න උඹ මොනවා කරන කෙල්ලෙක්ද බදින්න කැමති
කියලා.... “දොස්තර කෙනෙක්..ටීචර් කෙනෙක්....ලේචියක්...රස්සාවක් ඕනේ නෑ බං...” ඔය වගේ
උත්තර ගොඩාරියක් දෙයි..ඌ ගෙන්ම අහන්න බලන්න “ගාමන්ට් යන කෙල්ලෙක් කොහොමද?” කියල.. “අනිවා
ඌ ගොළු වෙනවා!
හැමදාම අපි
බලං ඉන්නේ මේ අය දිහා වපර ඇහින් බලන්න...කවදද අපි ඇස් දෙක ඇරලා ලෝකේ දිහා
බලන්නේ???
බස් රේඩියෝ
බ්ලොග් සතියට එක දිගට කොටපු නාඩි...(අද කෙටුවේ පස්වෙනි එක ඈ!)
ලයික් එකකුත් දාල යමුද?

_0430_-_Economic_crisis.jpg)














