නාඩි සෙට් එක

Sunday, December 5, 2021

නොනවතින


 

රෑ මැදියමට පැය තුනයි 

ඉර තාමත් උඩ වැඩ 

දහඩිය පෙඟුණු පුටුවක 

කැරකෙමි එක තැනක අපි වැඩ

 

විටෙක දුරබනුව නද දෙයි 

ඒ තව ‘ටාස්කයක්’ එන හඬ

ලිස්ට් එක නම් එහෙමමයි 

ඕටී නැතිවමත් අපි වැඩ 


මීටිම් කැලැන්ඩර් පුරවයි

හොය හොයා ඉඩකඩ 

ලන්ච් ප්ලෑනින් කැචප් දැම්මයි 

කන්නත් වෙලාවක් නැති හැඩ


ඇස් කෙවෙණි තදට කකියයි

මොනිටරේ දිස්නයට තද

ජනේලෙන් එළිය ‌බැලිමි මඳකට  

හිටියා කුරුල්ලෙක් පොඩි හරි හැඩ

11 comments:

  1. ඔබ හරි වාසනාවන්තයි ඔලුව උස්සනකොට එළිමහන පේන තැනක ඉන්න!

    ReplyDelete
  2. හ්ම්ම්...
    මහන්සිය අමතක වෙන්න
    ඇති ඒ වගේ එක මොහොතක්..

    අපූරුයි..

    ReplyDelete
  3. මේ බ්ලොග් එකේ අවුලක් තියනවා. ලෝඩ් වෙන්න වරුවක් යනවා.. කමෙන්ට් කොටාගෙන යනකොට, ආයෙ රී-ප්‍රෙෂ් වෙලා, කොටපු ටික වාෂ්ප වෙනවා.

    බොහෝ විට එහෙම වෙන්නෙ, එල්ල ගෙන ඉන්න අනවශ්‍ය ගැජට් නිසයි. විශේෂයෙන්ම "ජාවා ස්ක්‍රිප්ට් ගැජට්". සෙටිංග්ස් -->ලේඅවුට් ගිහින්, ඒ ජාවා-ස්ක්‍රිප්ට් ගැජට් ටික ඉවත් කලොත් හරියාවි.

    ReplyDelete
  4. ආයෙ ලියන්න ගත්ත එකට ස්තූතියි.🙏👌😊

    ඒත්, ඉස්සර වගේ ලිපියක් වැටෙන තෙක් බලාගෙන ඉන්නවා.😊

    ReplyDelete
  5. මහගම සේකරයන්ගේ "හඳ සහ නිව්යෝර්ක් නුවර" මතක් උනා!

    ReplyDelete
  6. අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!

    මේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!

    අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...