පහුගිය දොහක කොටපු නාඩි
ඇට් ඇමරිකා නාඩියක පොරොන්දු උනා චිකාගෝ ගඟ ගැන අලුත් නාඩියක් කොටනවා කියලා. මොකෝ ඒ
ඉසව්ව එච්චර මගේ හිතට අල්ලපු නිසා...
චිකාගෝ Mag Mile එකේ ෂොපින් කරපු හැටි. බෝංචි ඇටේ විස්තරේ වගේ කතා බතා ඒ
නාඩියේ කෙටුවනේ.. ගිහිං ඒකත් කියවලා ආවානම් හොඳා ඉතිං. නැත්නම් අන්ද කයිප්පු වගේ
වෙයි. මෙන්න ලින්කුව.
චිකාගෝ කියන්නේ දැනට
ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ අගනගරය.
ඔය චිකාගෝ කියන නම
හැදිච්චි විදිහ ගැනත් හරි අපූරු කතාවක් තියනවා. මේ ප්‍රදේශයේ මුල් පදිංචිකාරයෝ උනේ
ස්වදේශික ඇමරිකානුවෝ. ඔය රතු ඉන්දියන්වරු කියලා කියන්නෙත් මෙයාලා තමා. හැබැයි දැන්
ඒ වචනේ පාවිච්චි වෙන්නේ නෑ. Native
American කියන යෙදුම තමයි භාවිතා
වෙන්නේ. කොලොම්බස් ඇමරිකාවට පය තිබ්බට පස්සේ හිතලා තියෙන්නේ එයා ඉන්දියාව හොයා
ගත්තා කියලාලු නේ.. ඒ නිසාලු ඔය රතු ඉන්දියන්වරු කියන නම හැදුනේ.
ස්වදේශික භාෂාවෙන් “Chicagoua” කියන්නේ වල් ළුණු වලට.
ජනප්‍රවාද වල එන හැටියට චිකාගෝ ගඟේ ඉවුර දෙපැත්තේම මේ වල් ළුණු සාරේට වැවිලා
තිබ්බලු. ඉතිං ස්වදේශික ඇමරිකන්වරු පාවිච්චි කරපු “Chicagoua” කාලෙන් කාලෙට වෙනස්
වෙලා “Chicago” වෙලා තියනවා.
කොහොමත් ජනාවාස ගොඩ
නැගෙන්නේ ජල පහරක් තියෙන තැනක් මුලික කරගෙන නේ. එක්දහස් හයසිය ගණන් වල හත්සිය ගණන්
වල චිකාගෝ නගරය කාර්මික නගරයක් විදිහට ප්‍රසිද්ධ වෙලා තිබ්බා. නැව් හදන්න වගේම port city එකක් විදිහට මේ නගරය හරිම කාර්යබහුල තැනක් උනා. Port city එකක් කිව්වට චිකාගෝ නගරේ ළඟ පාත මුහුදක් නෑ. මේ ඔක්කොම
නැව් ගමනාගමන කටයුතු සිද්ධ උනේ පංච මහා විල් ආශ්‍රිතව. චිකාගෝ නගරෙට මායිම් වෙලා
තියෙන මිචිගන් විලෙන් තමයි චිකාගෝ ගඟ පටන් ගන්නෙත් (දැන්).
1779 දී චිකාගෝ ගඟ අසබඩ ජනාවාස
පිහිටවන්න මුල් වෙච්චි Jean Baptiste Point DuSable තමයි චිකාගෝ නගරේ නිර්මාපකයා විදිහට හදුන්වන්නේ.
මේ කාලේ චිකාගෝ ගඟ ආශ්‍රිතව
කෝච්ච නැව් ගමනාගමනය සිද්ධ උනාද කිව්වොත් නැව් ගමන් ගන්න අකුලන පාලම් නිසා ලොකු
වාහන තදබදයක් ඇති උනාලු නගරේ.
19 වෙනි ශතවර්ෂයේ දී ඇති
වෙච්චි කාර්මික විප්ලවෙත් එක්ක චිකාගෝ ගඟ හරිම දරුණු විදිහට දුෂණය වෙන්න පටන්
ගත්තා. කර්මාන්ත ශාලා වල අපද්‍රව්‍ය, නැව් හදන කම්හල් වල ඉවත දමන දේ විතරක් නෙවෙයි
චිකාගෝ නගරයේ පිහිටලා තිබිච්ච සත්ත්ව ඝාතකාගාරවල අපද්‍රව්‍යත් ගඟට එකතු උනා. කොච්චර ගඟ දුෂණය උනාද කියනවනම් ගඟේ මතුපිට එකතු
වෙච්චි කුණු තට්ටුව උඩ මිනිහෙක්ට ඇවිදින්න උනත් පුළුවන් උනාලු!
ගඟ උඩ මිනිහෙක්! - http://www.oftimeandtheriver.org/resources/colonial/fr1800to1876_21.htm |
චිකාගෝ වැසියෝ තමාගේ
පානීය ජල අවශ්‍යතා සපුරා ගත්තේ මිචිගන් විලෙන්. හැබැයි දුෂිත නගරය හරහා ගලන වතුර
මේ පානීය ජලයත් එක්ක මුහු වෙලා කොලරාව, ටයිපොයිඩ් උණ වගේ වසංගත නගරය පුරා පැතිරිලා
යන්න පටන් අරගෙන තියනවා. නගර වැසියෝ බර ගානක් සෙත්ත පෝච්චි උනාලු! කට්ටිය නගරේ අත
ඇරලා යන්න පටන් අරගෙන!
http://99percentinvisible.org/episode/episode-86-reversal-of-fortune/ |
මිට පිලියමක් විදිහට
1848 දී චිකාගෝ ගඟෙන් මිචිගන් විලට එන අපිරිසිදු ජලය ආපහු හරවන විදිහක් ගැන යෝජනා
උනා. ඒ කියන්නේ ගඟ ආපහු හරවන්න!
1892 ඩි පටන් ගත්තු මේ
ව්‍යාපෘතිය විශාල ඇළ මාර්ග තුනකින් සමන්විත උනා. 1922 මෙම ව්‍යාපෘතිය ඉවර වෙද්දී
නගරය හරහා මිචිගන් විලට ගලාගෙන ගිය චිකාගෝ ගඟේ වතුර ආපහු හැරිලා මිසිසිපි ගඟ
පැත්තට යන විදිහට සකස් කරලා තිබ්බා. මේ ව්‍යාපෘතිය දැනට ලෝකයේ කෙරිච්චි විශාලතම
සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති වලින් එකක්.
ලෝකේ ලොකුම water treatment plant එක |
ඒ වගේම දුෂණය වෙච්චි
චිකාගෝ ගඟේ වතුර පිරිපහදු කරන්න ජල පිරිපහදු මධ්‍යස්ථාන ටිකකුත් ඇති කළා. මිචිගන්
විල් ඉවුරේ තියෙන Stickney Water Reclamation Plant එක තමයි දැනට ලෝකේ තියන විශාලතම ජල පිරිපහදු මධ්‍යස්ථානය.
කාලේ ගත වීමත් එක්ක
චිකාගෝ ගඟ චිකාගෝ නගරෙට එන සංචාරකයන් හිත ගන්න එක් අංගයක් උනා. ඒ වගේම ලෝකේ ඉන්න
ධන කුවේරයෝ ගංගා ඉවුරේ නිවාස තනන්න්ත් පටන් ගත්තා. ඒ වගේම ලෝකේ ගෘහ නිර්මාණ ශිල්පයේ
අපූරු නිර්මාණ වෙච්චි tribune tower එක වගේ ගොඩනැගිලි ගඟ
දෙපැත්තේ ඉදි උනා.
නාඩි තුමා ගඟ දිගේ |
චිකාගෝ නගරයට එන
සංචාරකයන් අමතක කරන්නේ නැතිවම යන එක් අංගයක් තමයි ferry එකක නැගලා ගඟ දිගේ යන
එක. බොහෝ වෙලාවට ferry එකේ ඉන්න මාර්ගෝපදේශකයෙක්
යන ගමන් වටේ තියෙන ගොඩනැගිලි වල ඉතිහාස කතා, විශේෂත්වය එහෙම අපූරුවට පැහැදිලි කරලා
දෙනවා.
සම්පුර්ණ ගඟක් ඩයි දාල
කොළ පාට කරනවා අහලා තියනවද! St. Patrick
Day එක දවසට, බොහෝ වෙලාවට ඊට
ආසන්තම සෙනසුරාදා දවසට චිකාගෝ ගඟ කොළ පාට ඩයි එකකින් පාට කරනවා. මේ සඳහා පරිසර හිතකාමී එළවලු ඩයි එකක් පාවිච්චි කරනවා කියලා තමයි ආරංචිය .
කොළ පාට කරපු ගඟ - පින්තුරය - Wikipedia |
ඔන්න ඔහොමයි චිකාගෝ ගඟේ
කතාව. කවදා හරි චිකාගෝ පැත්තේ සවාරියක් ගියොත් චිකාගෝ ගඟේ බෝට්ටු සවාරියක් යන්න
අමතක කරන්න එපා. ගිහිං ඇවිත් ගඟ අද්දර තියෙන restaurant එකකට ගොඩ වැදිලා නිවී
හැනහිල්ලේ උණු කොපි කෝප්පයක් බිලා ආවත් නරක නෑ ;)
අද හැන්දෑවට යන්න ඕන ගිහින් එන්න.. ලිවීම අපූරුයි. කෙටියි සරළයි සුන්දරයි..
ReplyDeleteඅප්පේ.. අද හැන්දෑවේම?
Deleteමාත් යන්න ඕන පෙරියක නැගල රවුමක්.. නියම විස්තරේ..
ReplyDeleteයමන් යමන්.... ;)
Deleteහා..................
ReplyDeleteපට්ට නැගල යංඤංකො
වැඩේ කියන්නෙ අපේ කසිය සෝමෙත් ඔය පැත්තෙ නෙව ඉන්නෙ දැං සුද්දන්ට හොරට කෂිය හදල විකුණනවල්
සිරාවට? කොයි හරියේද දන්නේ න පොට් එක තියෙන්නේ ;)
Deleteනාඩියා........................
ReplyDeleteපට්ට ලියැවිල්ල... වැඩිය වැල්වටාරම් නැහැ.. හරි සරලයි.. සුන්දරයි...... සිත්කළුයි.... දැකුම්කළුයි... (තව තියෙනවා ඒ ටික ඊළග පෝස්ට් ඒකට ලියන්නම්)))))
අම්මේ.. මොකෝ එච්චර හෑල්ලක් තියනවද?
Deleteෂහ්. නියම විස්තර පොජ්ජ නෙ.
ReplyDeleteඅර මාතයත් සෙට් කොරගෙන මාත් හවස් අතේ ගිහිල්ල එන්න ඕන.
මෙන්න මාතේ කෝපි බොන්න තවත් එකෙක්
Deleteඅපූරු ලියැවිල්ල නාඩියෝ.... ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteඑහෙනං ඒ ඇති
DeleteRiver's යන ගඟ.. :P පට්ට වටින නාඩියක්.. රුපියල් පන්සීයක්ම වියදං කරල හරි මාත් යනව කවද හරි චිකාගෝ ගඟේ පාරු පදින්ඩ.. අර කොළ පාට කරන දවසකම ගියානං තවත් මරු... ඔහෙ පාට දේශපාලනේ නැද්ද මචෝ.. අනිත් පක්ශෙ රජකරන කාලෙට නැත්නම් ගඟ නිල් පාට වෙන්ඩ ඕනිනෙ.. හිහ් හිහ්.. ජය ශ්‍රී!
ReplyDeleteපක්ෂ දෙකයි! අලි පාටිය, බූරු පාටිය! පාට දෙකයි නිල් රතු!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteIllinois වල S එක ශබ්දවෙන්නෙ නෑ නේද? ඉලිනෝයි
ReplyDeletep.s. ප්‍රාන්තයෙ නම ප්‍රංශ වුනාට ලොකු අයිරිෂ් සංස්කෘතියක් තියනව වගේ නේ, ගඟම කොල පාට කරන්නෙ?
Deleteඔව් ඔව්.. S අකුර silent.. ඉලිනොයි... ඔව්. මොකද චිකාගෝ වල සැලකිය යුතු මුල් පදිංචිකාරයෝ පිරිසක් අයිරිෂ්වරු
Deleteඔන්න බලහන් ඉතින්. පැට්‍රික් දවස අයර්ලන්තෙට පස්සෙ සරුවටම සමරන්නෙ කොහෙද කියල, චිකාගෝ ගඟ ඇළවල් කපල හැරෙව්ව් කොහොමද කියල වගේ ගොඩක් දේ අලුතෙන් ඉගෙනගන්න පුලුවන් උනා මේක කියෝල ඉතුරු විස්තර හොයන්න හිතුනයින්.
ReplyDeleteස්තූතියි නාඩි!
හරිම සන්තෝසයි
Deleteනියමයි..එල ද බ්‍රා..
ReplyDelete:D
Deleteසෝයි නාඩිය. උඩම තියන පින්තූරෙ වගෙ ඒව දැක්කම නම් පැනල නාන්න හිතෙනව. Chicagoua කියල සර්ච් කලාම එන ළූණු ගස් වගෙ ඒවා ඔය කියල වල් ළූණු වෙන්ටැති.
ReplyDeleteඅර ගඟ අලින්ට අයිති එකක් ද, කොළපාට කරන්නෙ :D
අප්පේ නෑ අලින්ට නෙවෙයි කාටවත් අයිති නෑ ඒක
Deleteනියමයි දෙයියනේ යන්න ආස හිතෙනව , ඒ වගේම කවද හරි යනවාමයි
ReplyDeleteඅනිවා පලයන්! බලන්න වටින කියන තැනක්
Deleteමං දැාාං ඇව්ත් ඉංනන්‍ෙ
ReplyDeleteසුපර්්්්්්්්්්්්්ෟඕක්..
ජ ය වේවා!!
සිරාවට! ජය වේවා!!!
Deleteදැනගෙන නොහිටිය විස්තරයක්.. ලිවුවට ස්තූතියි..
ReplyDeleteසතුටුයි! :)
Deleteදැන් ඉතින් විස්තර දන්න එකේ වෙලාවක ස්කුබියත් එක්ක ගිහින් එන්න ඕනි
ReplyDeleteඅනේ කටක් ඇරලා ඒ කෙල්ලට බල්ලෙක් කිව්වැකි ද ඈ??
Deleteනොදන්න විස්තරයක් නාඩියෝ..අපූරුයි..
ReplyDelete:)
Deleteනාඩියො...මේ ඇමරිකන් නාඩි ලඟ ලඟ කොටහංකො...උඹ චිකාගෝ කිව්වම මිනිස්සු භය වෙන කාරණේ ගැන කිව්වෙ නෑ නේද...ගඟ පෙන්නලා මාරු උනා...
ReplyDeleteඅප්පේ.. ඒ කතාව අමතක උනානේ.. කොටන්නම් කොටන්නම්...
Deleteඅපරාදේ ඩයි ටික....
ReplyDeleteමොනවා කරන්නද ඉතිං
Deleteනාඩි...සේන්ට් පැට්‍රික්ස් ඩේ එක අයර්ලන්තයේ නිවාඩු දවසක්. එංගලන්තයේත් උත්සවාකාරයෙන් සමරනවා. මම දැණගෙන හිටියේ නැහැ චිකාගෝවට මේ එතරම් වැදගත් කියලා. ඒ කියන්නේ චිකාගෝ කියන්නේ ලොකු අයිරිෂ් ඩයස්පෝරා එකක් ඉන්න පලාතක් වෙන්න ඕන.
ReplyDeleteඅනිවාර්යෙන්ම. මොකෝ චිකාගෝ කාර්මීකරණය වෙච්චි නගරයක් නේ.. අයිරිෂ් කට්ටිය ගොඩක් ඇවිත් පදිංචි වෙලා තියනවා
Delete