කඳුළු ලුණු රහ බව මම දැන
සිටියෙමි
නමුත් එය කට කාරවන අමි
රහ බව නොදැන සිටියෙමි
සුසුම් බර වැඩි බව මම දැන සිටියෙමි
නමුත් එය බරින් බිම හෙලන
බව නොදැන සිටියෙමි
විරහව දුකක් බව මම දැන
සිටියෙමි
නමුත් එය මරණිය බව නොදැන
සිටියෙමි
ආදරය අන්ධ බව දැන
සිටියෙමි
නමුත් එය අඳ ගොළු බිහිරි
බව???
හිතක් ඇති බව දැන සිටියෙමි.
ReplyDeleteඑහෙත් මේ සිත මෝඩ බව දැන නොසිටියෙමි..
අන්න ඒකනේ සින් එක...
Deleteමබ්බෝධකමත් ඕකට එකතු වෙලා තියෙන්නේ
@ දේශක ++++++
Deleteමාන්දමික යැයි දැන සිටියෙමි...
ReplyDeleteමෙතරම් මඤ්ඤං යැයි දැන නොසිටියෙමි.
දැන් වත් දැනගත්තනම් හොඳයි :D
Deleteකෙල්ලන් චපල වන බව දැන සිටියෙමි . නමුත් අපටත් කෙළවෙන බව දැන නොසිටියෙමි :( :( :(
ReplyDelete\\කෙල්ලන් චපල වන බව දැන සිටියෙමි . නමුත් අපටත් කෙළවෙන බව දැන නොසිටියෙමි//
Delete+++++++++
ඒකත් එහෙමද එතකොට
Deleteඅන්ඩ නම් වුනත් කමක් නෑ, ගොළු බිහිරි වුනාම නම් හෙනම අවුල්...!
ReplyDeleteඅවුල් කියන්නේ පට්ට අවුල්!
Deleteවිරහව දුකක් බව ඇත්තය...අත්දැකීම් ඇතුව හෝ නැතුව විලාප තියනා ගායක කොවුලන්ට එය ධන නිධානයක් බව මෑතක දැනගතිමි.
ReplyDeleteඅනිවාර්යෙන්ම! මොකෝ දුක හොඳට මාකට් කරන්න පුළුවන් නේ
Deleteආදරය කියා දෙයක් නොමැති බව දැන සිටියෙමි
ReplyDeleteඒ නිසා අවුලක් නැතිව ජීවත් වෙමි.
ඇත්තටම එහෙම දෙයක් ඇත්තෙම නැද්ද?
Deleteආදරය මායාවක් බව දැන සිටියෙමි
ReplyDeleteඒ නිසා සතුටින් ජීවත් වෙමි.
සතුට එතකොට තියෙන්නේ එතනයි!
Deleteආදරය යනු ගැජට් එකකි
ReplyDeleteඑහි ගැජ මැටික් ගොඩකි
හැගුමන් බෝනස් වන එකකි
නොදන්නාට වර්චස් පිඩකි
ඔය ගැජමැටික් එකට යුසර් මැනුවල් එකක් එහෙම නැද්ද එතකොට?
Deleteආප්පය තාච්චියේ බව දැන සිටියෙම්
ReplyDeleteආප්පෙට තාච්චියේ හිටි කාලය
අමතකවන බව නොදැන සිටියෙමි
මොකක් කිව්වා??? ආප්ප?
Deleteනාඩිට පිස්සු යැයි දැන සිටියෙමි
ReplyDeleteඒත් මේ තරම් පිස්සු බව දැන නොසිටියෙමි
ඒ උනාට කවිය නම් ලස්සනයි හොඳේ.....
මෙච්චර කියනවනම් ප්‍රදීප් අයියා හම්බෙන්න යන්න වෙනවා
Deleteඇමරිකාවේදී කවුරුහරි සපත්තුවක් දුන්නද?
ReplyDeleteඅපෝ නෑ!
Deleteඅප ඉපදෙන්නේ, ජීවත් වන්නේද, එමතු නොව මිය යන්නේද තනිවම වුවත්,
ReplyDeleteආදරය යන සුන්දර මායාව අපව වර්තමානය නම් මණ්ඩපය මත දී අප සිටින්නේ තනිවම නොවන බව ඒත්තු ගන්වන්නට තරම් බලවත්ය...
-Orson Welles-
++++++++++++++++
Deleteකෝ යකෝ මගේ කමෙන්ට් එක, ඒක තෝ චිකාගෝ යැව්වද?
ReplyDeleteඅනේ නෑ සුන්දර අයියේ.. මා එසේ නොකරන බව නුඹ නොදන්නාහි ද?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදැන නොසිටියෙමි
ReplyDeleteපාරන තුරු හද
මා මෙතරම් බොළද බවද
අන්ධ බවද.
හාදු දෙනතුරු
නොදැන සිටියෙමි
හාදු මෙතරම්
රසවත් බව
හිරු යනෙන තුරු
නොදැන සිටියෙමි
මිරුගුවක මා
අතරමන් වග
ඔන්න ඔය මිරිඟුව තමයි ගොඩක් භයානක
Deleteම්ම්ම්.....
ReplyDeleteහ්ම්ම්ම්ම්
Deleteආදරය අන්ධයි. ගෝළුයි. බිහිරියි. ඒත් හැමවෙලාවෙම එහෙම වෙන්නෙ එක්කෙනෙකුට විතරයි.
ReplyDeleteඔව්... සමහර වෙලාවට.. හැබැයි සමහර වෙලාවට දෙපැත්තටම එකයි
Deleteපද වැලේ අපූරුව දැක ගතිමි..
ReplyDeleteකෙමෙන්‍ටුවක් දමන්නට නොදනිමි...
හි..හි... පද පේලි ටික නියමයි ඈ...
ඒ මොකෝ කමෙන්ට් නැත්තේ!
Deleteමොකක්ද බන් මේ කියන්නේ . . බඩුවක් බුට් තිබ්බම එකේ දුක කියල තව එකක් සැට් කර ගන්න ලයින් එකක් ගැන හිතපන් , උබල පොඩි කොල්ලෝ නේද ?
ReplyDeleteයකෝ බූට් කතාවක් මේකේ ගෑවිලාවත් නෑ!
Deleteඅන්තිමේදී හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක්...
ReplyDeleteහොඳ ශෝක් සපත්තුවක් හම්බ වෙලා වගේ...
Delete