කවියක් කියන්නේ රටාවකට ඇමිනිච්ච අකුරු ගොඩකට...ඒ අකුරු ඇමිණිලා හැදිච්ච වචන හරඹය එක්කෙනෙක්ට “කවියක්” වෙද්දී තවත් කෙනෙක්ට ඒක විකාරයක් වෙන්න පුළුවන්...
“කවිය නැති වෙලා...” කියලා සමහරු කෑ ගහද්දි
නාඩියා මේ හදන්නේ මං තුමා හිතන විදිහට කවියට අලුත් පණක් දීපු “බ්ලොග් කවිකාරයෝ”
ලියපු කවි මරන්න!
මරන්න කිව්වේ ඒ අකුරු අස්සේ හැංගිලා ගුලිවෙලා
තියෙන අපූරු රහස් අපිට තේරෙන විදිහට එලියට ඇදලා දාන්න!
බලමු...ගල් වදින්නත් පුළුවන්..මල් පුදන්නත්
පුළුවන්! කරගෙන යමු....අපිට පුළුවන් විදිහට....
මුලින්ම මරන්න තෝරා ගත්තේ නාඩියා කියලා එකෙක් ඊයේ
පෙරේදා ලියපු “කවියක් වගේ එකක්”! මාතලන් ලොක්කා තමයි කියලා ගිහින් තිබ්බේ “ඉතිං
උඹම පටන් ගනින්” කියලා! ඔන්න මම පටන් ගත්තා.. සමහර කවි වගේ ඒවා ටියුබ් ලයිට් වෙන
අපි කාටත් මේක නම් පොඩි හින්ට් පාරක් වෙයි නේ...
ඔන්න ඒක
ඇත්තටම කිව්වොත් මේක මේ ලියපු එකාගේ..ඒ කියන්නේ
නාඩියා කියන එකාගේ පොඩි අත්දැකීමක්...කවුරු මොනවා කිව්වත් මොන මොන චොකා බයිලා
ගැහුවත් “ආදරය” කියන්නේ කාගේ කාගේත් අන්ගේ හිරි ගඩු පුප්පවන...සමහර වෙලාවට පිස්සු
වට්ටවන අමුතුම එකක්...
කොහොමෙන් කොහොම හරි මේ තුමාත් ඒ ලෝ දහමට යටත්
උනා..හැබැයි...ඒක පාර්ශවික ආදරයක්! දෙවන පාර්ශවය මේ ගැන හාන්කවිසියක් දන්නේ නෑ...!
( පිස්සු නේ!) .කොහොමෙන් කොහොම හරි විපරම් කරලා බලනකොට ඒ සොඳුරු සිතැත්තී මගේම කර
ගන්න බාධක ගොඩයි.. “ආදරයට වැට කඩුලු..සිමා නෑ ...” කියලා කවුදෝ කෙනෙක් කියලා
තිබ්බට අසම්මතයට එකතු වෙලා off road යන්න බැරි
වෙන්න තවත් බැමි ගොඩකින් මාව වෙලලා තිබ්බා...
මම ඒක හිතින් අත ඇරියා! හැබැයි කාලාන්තරයක්
තිස්සේ හිතේ අස්සක ගුලි වෙලා පැසවපු ඒ හැඟීම් එක පාරින් අයින් කරලා දාන්න කියලා වටේ
ඈයෝ කිව්වත් කළු ලෑල්ලක හුණු කුරකින් ඇඳපු ඉරක් මකලා දානවා වගේ ඒක ලේසි වැඩක් උනේ
නෑ!
පැසවපු තුවාලයක් වගේ ඒ සිතුවිල්ල මට හැමදාම රිදුම්
දුන්නත් කුළුදුලේ ඉපදිච්ච ඒ සිතුවිල්ලට මම හැමදාම ලෝබයි...
ගැලෙව්වත් ඒ කටුව..
විශ උනත් ඒ කටුව...
අහවරයි සිදුරු කර..
රිදුම් දෙන හදවතම...!
වී පොකුරේ වීයා ඒ කවිය කියවලා මෙහෙම
කියලා ගිහින් තිබ්බා...ඇත්ත... සිදුරු කරපු ඒ හදවතට එබිලා බලන්න පුළුවන් තවත් සිතැත්තියෙක්
එනකම් ඒ හදවත බලාගෙන ඉන්නවලු....
මෙහි සිටින
අප හැමට
වැදී ඇත කටුව
කෙදිනක හෝ
කොතැනක
ගලවනු බොරු
මියෙන තුරු
සුදීක අයියා අකුරු කරලා තිව්වේ ඒ
විදිහට... 14 වෙනිදාට සිමා නොවිච්ච “ආදරය”
කියන අකුරු හතරට නියම අර්ථය දීපු ඒ “කටුව”, අඩි හයේ පෙට්ටියක මහ පොළොවේ පස් වෙන
දවස වෙනකම් අමතක කරන්නනම් බැරි වෙයි.
ඔන්න ඔහොමයි ඒ කතන්දරේ.... බලමු ඉස්සරහට කලින්
ලියපු කවිත් එක්කම මරන්නම්කෝ.....