ඊයේ මහා රාත්තිරියේ නාඩියා නිකමට වගේ ට්විටර් කුරුල්ලත් එක්ක කතා බහක් දාන්න කියල ලක ලැස්ති වෙනකොට පිස්සු බම්ප් වෙන සිද්ධියක් ඒ පැත්තේ වෙනවා! අපේ ජනයා එකතු වෙලා හෙළුවෙන් සිංදු කියනවා..පට්ට පට පට ඈ!
මතක විදිහට
රත්ගමයා කොල්ලත් මිට ඉස්සරලා ට්විටර් පැත්තේ වෙච්ච මේ වගේ ආතල් කේස් එකක් බ්ලොගේ
ලියලා තිබ්බා..මේ තියෙන්නේ ඒක...
ඔන්න ඊයේ
රාත්තිරියේ ජනතාව පිස්සු වට්ටපු ඒ අජපල් ගීත නාම සෙට් එකෙන් ටිකක්...
ඒක චුට්ටං වචනයක්! කැප කිරීමක් නෙවෙයි - Sacrifice , Elton John
අපි උඹව ගල් කරනවා - We will rock you, Queen
මම තනි වෙච්ච කැඩිච්ච සුරංගනාවියක් - Broken Angel, Arash
හෝටල් කාමරේදී මාව හම්බවෙයන්! – Hotel room, Pitbull
එක දෙක තුන හතර...මම දන්නවා උඹට මාව ඕනේ කියලා - I know you want me, Pitbull
පපු කැවුත්ත සල සල ගායි - My heart goes.., VengaBoys
කවුද යකෝ බල්ලෝ ලෙහුවේ?? – Who let the dogs out? - Baha men
හාද්දකින් මුද්‍රා තබා - sealed with a kiss – Jason Donavan
සූකිරි කඩේට එක්කන් යන්නම්..ලොලි පොප් කූරක් උරන්න දෙන්නම් - Candy Shop, 50Cent
පොම්ප කරපන් තව සද්දෙන් - pump it, Black Eyed Peas
මා ඔබට නොදුන් සැප ඈ ඔබට දෙත්වා - Adele
ඒක උරපන් ! – Smack That, 50Cent
ඉන බොරු කියන්නේ නෑ - hips don’t lie, Shakira
වමට අයියන්ඩි වමට - To the left, Beyonce
මෙහෙමත් *කක්! - Ass Like that, Eminam
ඒ මම නෙවෙයි - It wasn’t me, Shaggy
දෙයියෝ දනී මම නොදනී - Only god, Kid rock
උඹ හිමින්ම පපුවත් එක්ක සෙල්ලම් කරනවා - Quick playing games, BSB
මෝඩයෝ දුවගෙන එතැයි පණ්ඩිතයෝ කියති - Elvis Presley
ලස්සන බොරුකාරයා - Beautiful Liar, Betonce ft Shakira
තවම බඩු පැකට් උනේ නෑ - It’s not over, Daughtry
ආයුබෝවන්..මේ කැලිෆෝනියා සයිවර් කඩයයි! - Hotel California, Eagles
උඹ මොකා උනත් මට මොකෝ?? – I don’t care who you are!, Grace Chang
මේ ඇස් දිහා බලං -Look me in my eyes, Jonas Brothers
මී හරක් සොල්දාදුවා - Buffalo Soldier, Bob Marley
මට හීනයක් තියනවා - I have a dream, ABBA
ඔයා මගේ හුස්ම හිර කරනවා - Shayne Ward
*ක ආයෙත් ගෙදර ගෙන්න - Ass back home, Gym Class Heros
හිතුවෙවත් නැති දවසක..හිතන්නැතිවම ලං උනා - We found love – Rihanna
අම්මට හුඩු!පට්ට බැල්ලි - Sexy Bitch, Akon
කළුද සුදුද මට අදාළ නැත -Black & White , Michael Jackson
පොල් ගහ යට අපි හිටියේ - Coconut tree, Mohombi
උඹ හරිම ලස්සනයි නංගියේ - Beautiful, Akon
වටේ ගියපු එක ආයේ එනවා ! – Justin Timberlake
මගේ හදවත ස්ටීරියෝ බං - Stereo Hearts, Gym Class Heros
එකයි, දෙකයි තුනයි..උන්නා පැන්නා අන්න මරියා - Ricky Martin
ඇය මුළු රෑ පුරා මාව හෙල්ලුවා! - ACDC
මට උඩින් වැහැපන් - Rain Over me, Pitbull
උඩහ හන්දියේ කෙල්ල - Uptown girl, Westlife
කන්නාඩියේ ඉන්න මිනිහා - Man in the mirror, Michal Jackson
ඔව් ඔව් බබෝ මම හිතුවේ උඹ මගේ කියලා යේ යේ.. – Baby, Justin Beiber
බබෝ තව එක සැරයක්! – Baby one more time, Britney
හාමිනේ හාමිනේ මේ පාර දකුණු අප්‍රිකාවට ඈ! – Wakka Wakka, Shakira
රම්පා රම්පා මිනිහා බිම! - Shot a man down, Rihanna
අප්පේ..මේ ජංගි මෝස්තරේ - Gangam Style, Psy
කොහොමද
වැඩේ????
නාඩි වැටීම
නතර වෙන තුරු බිම පෙරලි පෙරලි හිනා වීමට මේවා Tweet කොරපු හැමෝටම නාඩියාගේ ප්‍රමාණය(ප්‍රණාමය)
ඈ!
ඔක්කොම ටික
බලා ගන්න ට්විටර් කුරුල්ලාගේ #SinhalenLyrics අත්ත බලන්නකෝ ඈ!
ලයික් එකක් දාලම යමු ඈ!
අනේ ජොලි අප්පා..
ReplyDeleteමාත් හදාගන්න ඕනි ට්විටර් අකවුන්ට් එකක් :D :D
එල එල..එහෙම හදාගෙන මාවත් fallow පාරක් දාන්නකෝ...
Deleteඅම්මෝ යකෝ මෙහෙමත් හෙළුවෙන් සින්දු කියන්න එපා බන් රට්ටු හිනා වෙනවා. ඒ කිව්වට මොකෝ මටත් පට්ට හිනා.... ටප්ප ටප ටප ඈ................
ReplyDeleteඑල්ල එල එල ඈ!
Delete=D
ReplyDelete:)
Delete///උඹ හිමින්ම පපුවත් එක්ක සෙල්ලම් කරනවා - Quick playing games, BSB///
ReplyDeleteවැරදියි බොල...
Quit playing games with my heart- මගේ හදවතත් එක්ක සෙල්ලම් කරන එක නවත්තපන්....
Akon, 50Cent,Pitbull ඇරෙන්න අනිත් ඔක්කොම මගේ ආසම සින්දු තමා... හි හි....
හෆොයි! අදත් ටැපලිලා! ගැත්තාට සමාව දෙන සේක්වා!
Deleteපැටලිලා තමයි මහත්තයෝ... හිකිස්...
Deleteඋඹ සතුටු උනානම් එච්චරයි... ඔය සින්දු වලට මගේ නම් එච්චර මනාපයක් නෑ...
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්...මගේ නම් එච්චර අමනාපයක් නෑ ඕනේ සිංදුවකට...
Deleteබුරිය විකාගෙන මැරෙන්න හිතෙනවා බොල හිකිස්
ReplyDeleteඅඩේ....එහෙම කොරන්න එපා කෝරලේ මහත්තයෝ....හාමිනේ පවු නේ...
Deleteමැරෙනවා කිව්වට මැරෙන්නේ නැහැ බොලව්. අපේ උන්ද මරිලවත් ඉන්න දෙන එකක් නැහැ මට ඕන්....
Deleteහෆොයි! එච්චර දරුණුද?
Deleteමෙහෙමත් *කක්! - Ass Like that, Eminam
ReplyDeleteසහතික ඇත්ත.
*ක හපාගෙන මැරෙන්න හිනා!
හික්ස්! :)
Deleteහික් හික් නියමයි.
ReplyDelete:)
Deleteහෙහ් හෙහ්.. එලස්..!! තව සුට්ටෙන් නාඩිත් නවතිනවා :D
ReplyDeleteඒකනම් නවත්ත ගන්න හිතන්න වත් එපෝ!!!
Deleteහි..................මරු හලෝ :)
ReplyDeleteඒක තමා හලෝ! :)
Deleteඅයියෝ මට මිසු වුණෝ මේවා..
ReplyDeleteඅෆරාදේ.....
Deleteපස්ටයි ඈ
ReplyDeleteටැංකු ඈ!
Deleteහේ හේ... හෙලුවෙන් සින්දු කීම.. මරු වැඩේ..
ReplyDeleteමම නම් මේ සින්දු සේරම අහනවා..
මේ පැත්තට ආවමයි..
ජය වේවා.
එල එල බන්ඩෝ! දිගටම එන්ට ඈ!
Deleteපට්ට ඈ.. :)
ReplyDeleteටැංකු ඈ!
Deleteනාඩියෝ මල් ඈ......
ReplyDeleteපට්ට මචන්
ReplyDelete:D
Deleteහික් හික් ... මේ තීන්නෙ ගමකට සින්දු.
ReplyDeleteඅර සමහර බ්ලැක් ඇමරිකන් සිංදු එහෙම තියෙන්නෙ බං අකුරු හතරෙ සුප්‍රසිද්ධ වචනෙ ගිරිය පුප්පන් කියන, එව්ව ටිකකුත් තිබුණ නම් සර්ව සම්පූර්ණයි.
ඒවා ටිකකුත් තියනවා.. #SinhalenLyrics එකට ගිහින් බලන්නකෝ..මෙතන දැම්මේ නෑ... ;)
Deleteහික්ස්....නියමයිනේ.....
ReplyDeleteඔන්න මාත් මේ පැත්තේ ආවා....
එල එල........ දිගටම එන්න ඈ!!!! :)
DeleteAde baa ban naadi :/
ReplyDeleteMan dan tika kalak thisse liyan thiyan innava oya vagema sindu set ekak.un mata kalin wade karala ne :(
Kolayak pirenna man ekathu karan hitiya
Burning in the sky : asaha gini aran
Diary of jane: jane nagage diarya
Emty spaces: mudu bim
Mirror on the wall biththi kannaadiya
Rude boy :rodi koluva
The messanger : thapal maama
Airplane:dadumonare
Methana tikayi thiyenne thava godaak thiyenava
හෆොයි!!!!!! පාටනේ බං උඹේ ටිකත්! ඒවා ටිකත් දාපන්කෝ...!!
Deleteනියමයිලු ඇහ්
ReplyDeleteතැන්කු ලු ඈ!
Deleteහික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... මාර ජොලි හෆ්ෆා... :D :D
ReplyDeleteජොලි හලෝ!!!!
Deleteනාඩියා මලයට පිස්සු කියලා මට හිතිලා තිබ්බේ, අද ඒක තක්කෙටම දැනගත්තා
ReplyDeleteඅනේ..කොච්චර දෙයක්ද එහෙමවත් දැන ගත්ත එක! ;)
Deleteපට්ට සින්දු ටික
ReplyDeleteහැක හැක... :D
Deleteඒ වගේම පෙරේදා ත්රෙන්ඩ් එකක් ගියා #ToMyFutureSon කියලා. ඊයේ ගියේ රේඩියෝ තරංග මාලා වෙනස් කරපු එක ගැන #FrequencyMixedUp කියන ට්‍රෙන්ඩ් එක. ඒ දෙකත් හොඳට තිබුනා!
ReplyDeleteහික්ස්!එලටම තිබිලා වගේ! මේ දැන් බැලුවේ!
Deleteපට්ටයි ඕයි :D
ReplyDelete