Monday, February 21, 2022

‘මිස්’ වීම

 


කිටි කිටියේ හිරවී 

ෆුඩ් බෝඩයේ එල්ලී 

දාඩිය පෙරාගෙන 

ආපු කාලය මිස් වී 


රත්මලානෙන් නඟින නංගී 

පෑවා හිනාවක් ලංවී 

කොල්ලුපිටියේ බැංකු අක්කා 

කියන ‘මෝනින්’ මිස් වී 


දුවනා ගමන් ඔපිසියට 

ගත්තු ශෝටිස් කෑලි තුන

ලේහවුසිය ළඟ කැඳ කඩේ 

හකුරු කැඳ රහ මිස් වී


උදේ සිට මීටින්

තිබ්බත් එක දිගට කෝඩින් 

ඔපිසියේ කෝපි මැෂිමේ 

නෙස්කැෆේ රහ මිස් වී 


ලන්ච් එකට දොළහට 

එළියට බැස්සොත් හරියට 

හාබරේ බත් එක බෙදාගෙන 

කාපු රඟ දැන් මිස් වී 


නිදිමතක් එනකොට 

එහා පැත්තේ එකා අරගෙන 

පෙට්ටි කඩයේ ප්ලේන්ටියෙ  

ගිනි රස්නේ දැන් මිස් වී


ඔපිස් ඇරෙනා මොහොතට

ඇරෙනා තවත් ඔපිසියන් ඇත 

ඒ ඔපිසියන් ඇතුළත 

උකුළු මුකුලුත් මිස් වී


ප්‍රොඩක්ෂන් බග් එකක් 

රෑටත් වැඩ වැටුනොත්

QA අමතං - අපි හොඳටම පදං 

නයිටවල් දැන් මිස් වී 


හවසට හීනියට 

ඔපිසියේ උන් එක්ක 

නැත්නං කාගෙහරි  බෝඩිමක 

සාර සුභාවිත මිස් වී 


ආවා කොරෝනා 

ගෙදරටම වී වැඩ කරන්නට ඕනා 

නිකමට හිතලා බැලුවම 

ජීවිතෙන් බාගයක් මිස් වී 


අහෝ කොරෝනා… 

සිරාවට උඹ කළ හදියක්! 

8 comments:

  1. හුරේ... නාඩියක් වැටිලෝ ....

    මිස් නේන්නම්! ( නම් ඉතින් ඕසේට !! production bug දෙකක් තුනක් දෙන්ඩද? QA එක්කෙනෙක් එක්කම ඔතල දෙනවා... ඕ යේස් )

    ReplyDelete
  2. දැන් ඉතිම් සයිබරේ
    සූමරේ කල ගතවේ
    කෘතිම බුද්ධිය ගැන ද
    විවිධ අදහස් පළවේ

    තල තෙලට වේලේ ය
    ඔසී රට ඉඳින මම්
    කුමට නිදි මරම් දෝ

    සූමරේ නාඩියා කියපු දේ
    මුල් විනාඩි පහෙන් පසු
    මිස් වේ!

    ReplyDelete
  3. නියම වෙනස් කවියක් .....ඔබ කැමති නම් ඔබේ නිර්මාණ ලන්ඩන් කවියට යවන්න.
    https://londonkavi.com/contact/

    ReplyDelete