නාඩි සෙට් එක

Saturday, September 19, 2020

ලාරාගේ රෝස මල් දන්සල


මේ විත්ති කතා සීරීස් එක කොටලා තියන්න කියලා හිතුනේ කවදාහරි දවසක අමතක උනොත් මල සන්තෑසියක් වෙන හින්දා (හැබැයි දෙයියන්ගේ පිහිටෙන් එහෙමනම් වෙන එකක් නෑ) 

මේ සිද්ධිය සිද්ධ උනේ මීට අවුරුදු පහකට විතර කලින්. මංතුමා ඒ කාලේ ඔය ජනේල මෙහෙයුම් පද්ධතිය හදන කොම්පැනියේ වැඩ කළේ. ඔය ජොබ් එකේ තිබ්බ අමුතුම සීන් එකක් තමා ගහෙන් ගෙඩි එනවා වගේ කිව්වහම ලෝකේ ඕනේ මුල්ලකට ලැප් එකයි ජොක්කු තුන හතරයි ටී ශර්ට් දෙකයි දාගත්තු බෑග් එක කර ගහගෙන යන්න ඕනි. ඕනේ *කක් ප්‍රීති වෙසක් වෙච්චි අපිට ආයේ ඉතිං ඉබ්බා දියට දාද්දි ඇන්නෑවේ කිව්වා වගේ තමා. 

ඔන්න එක දවසක් දවල් 10ට විතර ඔපිස් එකට එද්දි ලොක්කා ඉන්නවා බලාගෙන (ඒකා උදේ වැඩට එන්නේ හය හමාරට :D ) 

"නාඩි ලබන බදාදා කම්බෝජියාවට යන්න ඕනේ. එහෙ හැකතන් එකක් තියනවා. ගොඩ දාල එන්න ඕනේ."

"තනියම?"

"නෑ.. ලාරාත් යනවා ඔයත් එක්ක"

(ලාරා කියන්නේ මගේ අතීසාර මිත්තරයා. උගේ ඇත්ත නම ලාරා නෙවෙයි. උගේ ඇත්ත නමත් එක්ක මේ කතා දැම්මොත් ලබන අවුරුද්ද්දේ විතර එන උගේ මඟුලත් කැඩෙන්න පුළුවන් :D ) 

හරි ලාරා යනවනම් යමංකෝ උගන්ඩාවට හරි. දවස් 5ක් තියනවා ලෑස්ති වෙන්න. ඔන්න කොල්ලෝ දෙන්න ලෑස්ති වෙලා (අමුතුවෙන් ලෑස්ති වෙන්න දෙයක් නෑ. බෑග් එකට අර කිව්ව අඩුම කුඩුම ටික ඔබා ගන්න විතරයි. ඔපිසියෙන් ටිකට්.. ඉන්න තැන්.. යන්න එන්න වියදම් එහෙම ඉතිං ලෑස්ති කරලා දෙනවා හරියටම) ගමන පිටත් උනා.

කොහොමෙන් කොහොම හරි රයිගමයයි ගම්පළයයි වගේ දෙන්නා හෙනම වැඩකට ගැම්මෙන් බහිද්දී ඔපිස් එකේ ලොකු තැන් වලට පොඩි බයක් නොතිබුනාම නෙවෙයි. මොකෝ අපි දෙන්නා ඒ වෙද්දී අමාරු වැඩ ගොඩ දැමීම වගේ ඉල්ලන් මාමයිට් ගා ගැනීම වගේ රෙකෝඩ් උනත් තියලා තිබ්බ නිසා..

ගිහිං බහිද්දීම කම්බෝජියානු එමිග්‍රේශන් එකෙන් අරං ගිහිං ප්‍රශ්න කරපු හැටි.. ලාරා එතැන ප්‍රින්ටරයක් හදන ජොබ් එක බාර ගත්තු හැටි වගේ කතා පස්සේ කියන්නං. දැනට මේන් ස්ටෝරිය. :D

කාම්බෝජියාව කියන්නෙ ලස්සන රටක්. පාරේ වාහන එලවන්නෙ දකුණු පැත්තෙන්. කන්න බොන්න තියෙනවා ඕසෙට. මාළුවා. කුකුළාගෙන් පටං අරගෙන මකුළුවා සරුපයා වෙනවකං කන්නයි තියෙන්නෙ. අපි හිටියේ Phnom Penh වල. අපිට කියලා ඔපිසියෙන් එහෙ තියෙන ලොකුම හෝටලේ සුපිරි කාමරයක් එහෙම ලෑස්ති කරලා තිබ්බා. 

දවස් හයක් විතර ආතල් එකේ ගත උනා. හැකතන් එකත් ලෙසටම යනවා. ඒ රටේ උන්ටත් පට්ට හැපි. සිරි ලංකන් කොල්ලො දෙන්නෙක් ඇවිත් උන්ට පොඩි පොඩි මැජික් පෙන්නනවා. අපේ ඔපිස් එකටත් ලෙසටම හැපි. රීජනල් සිංගා ඔපිස් එකෙන් බැහැපු ලොකු තැනක් කොල්ලෝ දෙන්නා හොඳට වැඩේ කරගෙන යනවා කියලා මේල් එකක් එහෙම ගහලා. සියල්ල සුගම විදිහට ගලාගෙන යනවා. අපිත් ඉතිං දවල් දවසේ වැඩ කරලා... රෑට හෝටලේට එන ගමං කොහෙන් හරි කාලා බීලා එහෙම ;) එනවා.. කොල්ලෝනේ... 

ඔන්න දැන් හෙට පාන්දර 6ට වැඩ ඉවර කරලා ලංකාවට එන්න තියෙන්නෙ. අද රෑ හතට විතර ලාරා මෙහෙම කියනවා..

"අඩේ නාඩි.. යමංකෝ එළියට.. පොඩි "බඩු" වගයක් ගන්න තියනවා.."

මං දන්නවා මේ පුතයා කියන බඩු මොනවද කියලා.. :D දවස් පහක් විතර එක දිගට හන්ටර් වෙලා හිටියේ.. "උඹ පලයං. මට නිදිමතයි. මං නිදා ගන්නවා කියලා අහිංසක මං ඌට කිව්වා"

"අඩේ පෙටි කෑශ් තියෙනවා නේද? දියංකෝ ඩොලර් 100ක් විතර.."

කොහොමත් ලොක්කා ගමනක් යද්දී මුදල් පරිපාලනේ මගේ අතට දෙන්නේ ලාරා එච්චර සුවර් නිසා :D 

පෙටි කෑශ් 100 කුත් ඉල්ල ගත්තු ලාරා ඔන්න ගියා "බඩු" ගන්න ;) 

මං ඉතිං හොඳ ළමයා වෙච්චි.. කාලා බීලා එහෙම නිදාගන්න ලෑස්ති වෙලා බැලුවා කෝ මේ පුතයා කියලා.. රෑ එකොළහයි මේකා නෑ.. !

කමක් නෑ එයිනේ කොහොම හරි. කියලා ඉද්දී මටත් පොඩි නින්දක් ගියා. 

කිරි අප්පට බල්ලෝ පැනපි!  පාන්දර තුනට නැගිටලා බැලුවා ලාරා නෑ තාම! ෆ්ලයිට් එක හයට! හතරටවත් මෙතැනින් චුත වෙන්න ඕනි. 

මං හිත හදා ගත්තා. මේකා "බඩු" ගන්න ගිහිං කෙල වෙලා! මේකා නැතිව තමයි ලංකාවට යන්න වෙන්නෙ. මේකාව පොලිසියෙන් අල්ලලා ඊට පස්සේ ප්ලයිට් එකක දාලා වගේ ලංකාවට එවයි. මේකා හිරේ යයි සමහර විට. කෝකටත් කියලා මේකාගේ ලැප් එකත් මං ලංකාවට අරං යනවා කියලා හිතාගෙන ඉද්දී මෙන්න මේකා එනවා හතරට කාලක් විතර තියලා හතර ගාතෙන් රූම් එකට!


"කොහෙද *ත්තෝ ගියේ!"


"බනින්න එපා යාළු... බනින්න එපා. පස්සේ විස්තරේ කියන්නං"


බනින්න නෙවෙයි. ඒ ගස් ගෝතයාට කෙලින් හිට ගන්නත් බෑ. ගැලෙව්වා කලිසං කමිස ඔක්කොම! උස්සං ගිහිං බාත් ටබ් එකේ බස්සලා නෑව්වා. සාක්කුවේ ඩොලර් එකක නෝට්ටුවක් විතරක් තියෙනවා :D

ප්ලයිට් එක මිස් කරගන්න බැරි නිසා මේකාවත් දාගෙන ටැක්සියක airport එකට ඇරලා යානතම් ප්ලයිට් එක අල්ලා ගත්තා. ලාරා හුම් නෑ.

ප්ලයිට් එකේ එනකං ගස් ගෝතයා බුදි! 

ට්‍රාන්සිට් එක තිබ්බේ බැංකොක් වල. එතැනට එද්දී අරූ ටිකක් පියවි සිහියට ඇවිත්. 

"මොකෝ බං උනේ?"

"අනේ මන්දා බං. මං ඉතිං එළියට ගිහිං ස්ට්‍රීට් එකක් දිගේ ඇවිදගෙන ගියා. (දන්නවනේ ඉතිං එහේ තියෙන සමහර ස්ට්‍රීට්)... බියර් ගාඩන් කියලා ගහලා තිබ්බා. ලස්සන ගෑල්ලමයෙක් හිටියා ඉස්සරහ (ගෑනු ළමයෙක් ද කියලා ඉතිං හරියටම සුවර් නෑ) කම් ඉන්.. කම් ඉන්න් කිව්වා... මමත් ඇතුළට ගියා"

"ඉතිං?"

"තව හතර පහක් ගෑල්ලමයි වට කරගත්තා.. ටු මී ටු මී... කියලා උන්ටත් බියර් ගත්තා...පොඩි එකෙක් ඇවිත් රෝස මල් වගේකුත් විකුණුවා.. මං අරුංට එව්වත් අරං දුන්නා.."

"ඊට පස්සේ?"

"එච්චරයි මතක.. ඊට පස්සේ ඉති‌ං රික්සෝ එකක හොටෙල් එකට ඇවිත්.."

සල්ලි?

අඩේ ලොක්කාට කියන්න එපා බං මෙව්වා.. 

තොට *^@(@)*%)*@$%$@@&%!

ඇවිත් ඉතිං පෙටි කෑශ් බේරද්දී ලොක්කට ඇත්ත විස්තරේ කිව්වා. ලොක්කා කූල් ඩයල් එක. හිනා වෙලා කිව්වා පස්සේ දවසක ගෙවපං ගෑනුන්ට බොන්න අරං දුන්නු එව්වට කියලා :D


හැබැයි තාමත් ලාරාට රෝස මල් මතක් කරලා "ටු මී" කිව්වහම් පොඩ්ඩක් මල පනිනවා. 

 

 

3 comments:

  1. හැකතනය සුපිරියෙන්ම ගොඩ දැමීම සම්බන්දයෙන් ඉස්තුතිවන්ත වන අතර නැවත ආරක්ෂිතව සිරි ලංකාවට පැමිණීම ගැන තැනක් ගෝඩ් වෙමි. එමෙන්ම ලාරාව ආරක්ෂිතව නැවත ලංකාවට දක්කාගෙන පැමිණීම සම්බන්දයෙන්ද කුඩෝස් වෙමි.

    ඔය ගමන ගිහිං ආවට පසු ලාරා හෙන වෙනස්යැයි හිතුනේ සහ පෙනුනේ මට විතරද? නිකං ඔරියන්ටේසන් මාරුවුන ගතිද විටින් විට පෙනුනා. (උදාහරණ: චැරිටි ශෝපින්ග්, මෙස්ඩ් අප් ෆැශන් චෝයිසස්, ඩ්‍රින්ක් ෆැන්ට). කතාව කියවා බැලීමෙන් පසු තේරුනේ ... එම වෙනස ඇතිවී තිබෙන්නේ උඹල දෙන්නා බාත් ටබ් එකේ බැස නෑමෙන් පසුව බව හැඟීයයි. හෆොයි.

    මිට
    ලොක්කා

    ප.ලි. අදාළ ඩොලර සියය බෝල් ණය ගිණුමට අනුකම්පා සහගතව ට්‍රාන්ස්ෆර් කර බව මෙයින් දැනුම් දෙමි.

    ReplyDelete
  2. හෙහ් හෙහ් මරු. ඇති යන්තන් ෆ්ලයිට් එකට යන්න වෙලාව තියල ආව.

    ReplyDelete
  3. අර පර්සි ජැක්සන් එකේ දුන්න ජාතියෙ රෝසමල් ද දන්නෑ ඕකට දුන්නෙ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...