Wednesday, February 3, 2016

පුන්සඳ රෑට ඇවිදින්...


පුන්සඳ රෑට ඇවිදින් ඔපීසියේ කළුව බිඳ
පණ කෙදි සේම ලැප්ටොප් එක උඹේ ඉඹිනවද
තනියම හින දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන් කඳ තාම ඔපීසියේ කෝඩින් කරනවද

ක්ලයන්ට් ලා රෑන කරදර කරන තුන් තිස් පැයම
රෑටත් කෝල් කර කර වද කරනවද
නෙස්කැෆෙ එහෙම වැඩිපුර බොන්න එපා පණ...
වැඩ කෙරුවාට මාසේ පඩිය නැද්ද තව

පුන්සඳ රෑට....

මැරුණා වාගේ  බෝඩිම් ඇවිදින් නිදන විට
මදුරුවෝ රෑන කණ ළඟ සිංදු කියනවද
ඇල්ටෝ එකවත් ලඟදි ගමු නේද පණ
සීපා ආවොත් කන්නට වෙන්නේ මගේ පඩි පතට 

IT කාරයෙක්ගේ තනි වූ පෙම්වතියකගේ කඳුළු කතාව...