නාඩි සෙට් එක

Tuesday, September 30, 2014

*කේ රඟ


තොටිල්ල පද්දන අත ලෝකේ පාලනය කරයි කියපු අසමජ්ජාතියා හොයාගෙන ඇවිත්
වාරියපොළ සෙල්වා එක්ක එකතු වෙලා ඌ ව කකුල් කෙටියෙන් එල්ලලා
රත්නපුරේ පර චේසි කාන්තිට පොරි හැලෙනකම් දීපු මහතැන් එක්කගෙන ඇවිත්
හම ගැලවිලා අතට එනකං - පොක්කලන් එනකං තඩි බාන්න
ආසයි බං මං

සමතැන නිසි තැන ඉල්ලං එනවා රෙද්ද
ලිප් බොක්කේ හිටපු කළු දෑවලට ඉර ඩිංගිත්තක් වැටුනම තියෙන රැස්පොට් එක!
අනේ අම්මපා ජංගි ලොවන පිරිමිත් එනවනේ මුන්ගේ අයිතීන් ගැන කතා කොරන්න මඟුල
මුන්ට අන්දන්න තිබ්බේ බුර්කා නෙවෙයි කපලා දාන්න තිබ්බේ තන් නොතන් හැම තැනක්ම!

බස් එකේ බැරිවෙලා ඇඟේ වැදුනත් පත්තිනි අම්මලා වගෙයි කතාව
යකෝ අපිට බලන්න බැරිනම් එළියේ දාගෙන යන්නේ අහවල් එකකටද!
වැරැද්ද තොපිව එළියට ගත්තු එකයි බොල!
කෙල්ලේ පල ගේ මුල්ලට!

#StreetHarassmentHurts ! පුහ්!! තොගේ අහවල් එක!
ඇයි උඹලා හිතුවද පාරවල් තොපිට ලියලා දීලා කියලා
අපේ කට අපේ *ක! අපිට ඕනේ හැටියට
වනන්න පුළුවන් මේ දෙක තුනම!

දවල් කරවෙලා රෑ ගෙදර ආවාම ඇඟේ පතේ හිරි අරින්න
තොගේ ඇග උඩ පත බෑ උනාට
උඹ හිතුවද ඔළුවට අත හෝදන්න
පැටව් වදන එක ඇර උඹට ඇති අහවල් රාජකාරිද!

තොපිට පුළුවන් නම්
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන
හිටපන් මුල්ලකට වෙලා
මැරෙන දවසක මැරියන්! 

එතකං විඳපන් මේ උත්තම *කේ රඟ!  

~ධර්මරාජ්‍යයේ උත්තම වැසියෙක්~ 


වචන වලට අටුවා ටීකා අවශ්‍ය නැතැයි සිතුවත් සමහරෙක්ට ගෝචර නොවන නිසා මෙසේ කොටමි. හිතන්න... ඔබ බිහිවුනේ ආදරණිය අම්මා කෙනෙක්ගෙන් නොවේද? 

එසේ වූ සමාජයක කාන්තාවට හිමි තැන??



පින්තුරය - GlobalPost

52 comments:

  1. පින්තුරෙ හොයාගත්තෙ කොහෙන්ද බං?මොනවද ඒ අල බහින උක් ගස්ද?

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙ තල් මොට දෙකක් වගේ....හැබෑට නාඩියො ඔය කාමරේ්ට දාලා කවුරු හරි උඹේ පතිවත කෙලෙසුවා වත්ද ?

      Delete
    2. අල බහින උක් නෙවෙයි මේ අල හිටවන මුල්ලු! අම්මේ මං ගියේ නෑ මේ පැත්ත පළාතේ

      Delete
    3. මොරෙයියා කඳන් දෙකක් ..

      Delete
  2. Topage uda yata maruwelane. Ata deka thiyana paththen baluwahama penne nula neda kollo.

    ReplyDelete
  3. අවාසනාව කියන්නෙ, ඔහොම උත්තම වැසියො තවමත් එතරම්ම හිඟ නැති එකයි. අපි තවම ඉන්නව කියන්න වගෙ කොහෙන් කොහෙන් හරි උදාහරණත් මතු වෙනව.

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. එකෙක් අනිත් ඒකාට පරදින්නේ නෑ!

      Delete
  4. දැක්ක දරුණුම පොස්ට් එක... පට්ට ටෝක... :D

    ReplyDelete
  5. කොහෙද බොල ඔය රුපයේ තියෙන දේවාලේ තියෙන්නේ.

    ReplyDelete
  6. දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන
    මොනර පැටික්කිය වාගෙයි මයුර තාල තම්දෙන
    හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
    මහරගමදි හම්බවුනේ මේ උඩැක්කි කෝළම //

    කුඩ බාගෙ හංස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන
    පශ්චාත් භාගෙ යාම්තමින් කොට ඇඳුමින් වහගෙන
    නොබැලුවොතින් ඒ ඇස් දෙක උගුල්ලන්ට සිත් දෙන
    තාන තනම් තම්දෙන තන මේ උඩැක්කි කෝළම //

    දඟර වානෙ කම්බි වාගේ අඟර දඟර දාගෙන
    මොනර පැටික්කිය වාගෙයි මයුර තාල තම්දෙන
    හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
    මහරගමදි හම්බවුනේ මේ උඩැක්කි කෝළම //

    පවුල් අවුල් වෙන්ට පවා පෙර සළකුණු පතුරණ
    එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන
    අනුරාබර තෑගි බෙදන මුව හසරැලි නංවන
    තාන තනම් තම්දෙන තන මේ උඩැක්කි කෝළම //

    දඟර වානෙ කම්බි වාගේ අඟර දඟර දාගෙන
    මොනර පැටික්කිය වාගෙයි මයුර තාල තම්දෙන
    හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
    මහරගමදි හම්බවුනේ මේ උඩැක්කි කෝළම ///

    ගායනය - කුමාර තිරිමාදුර
    පද - විමල්ජිත් දොඹගහවත්ත
    තනුව - විමල්ජිත් දොඹගහවත්ත

    ReplyDelete
    Replies
    1. කෝලම් කොහොම උනත් බලන කරන අපේ උන්ටත් නිකම් ඉන්න බැරි හැටි

      Delete
  7. එළකිරි පුතා මේ වගේ කොල්ලෝ තමයි බ්ලොග් ලියන්න ඕන...

    ReplyDelete
    Replies
    1. වැඩේ ඇත්ත ඒ උනාට මූ ලියන්නෙ යලට මහටනෙ මචං

      Delete
    2. හප්පේ... මොනවා කොරන්නද ඉතිං ඉස්පාසු ලැබෙන වෙලේට කොටන්නත් එපැයි

      Delete
  8. අම්මපා ඇත්ත කතාව.වරෙන් 5හේ කොලයක් සාක්කුවට දාන්න...

    ReplyDelete
    Replies
    1. අනේ දාපන්කෝ එහෙම එකක්වත්

      Delete
  9. නාඩියා මුස්ලිම් ආගමට ගිහිල්ලාවත්ද

    ReplyDelete
  10. සුපිරි නාඩියෝ ලිවිල්ල ...මෙවා දර්ම රාජ්‍ය කටින් ..

    ReplyDelete
  11. කන කීං ගාන්න අමුවෙන්ම දීලා ඇරලා තියෙනවා ආයෙ හෝදන්න දෙයක් නෑ. පට්ටයි නාඩියෝ!!

    ReplyDelete
    Replies
    1. හෝදන්න දෙයක් කොහෙවත් ඉතුරු වෙලා නෑ

      Delete
  12. එළකිරි බන්... අමුවෙන්ම ලියල තියෙනවා !

    ReplyDelete
  13. ඈ බං සුපිරිනෙ!! ආයේ දෙකක් නෑ. නියමයි

    ReplyDelete
  14. කියන්න තියෙන දේ ලුණු ඇබුල් දාලම කිව්ව නේද නාඩියො..

    ReplyDelete
    Replies
    1. මදි පාඩුවට ගොරකා එහෙමත් තියෙන්නේ

      Delete
  15. කෝපය කියන්නේ නිර්මාණයක් නෙමෙයි.. ඔයිට හොදයි රෙද්ද උස්සන් ටවුම මැද හයියෙන් ඔය ටික කිව්වනං..

    ReplyDelete
    Replies
    1. කඩු පිහි චේන් වලට වඩා පෑන බලවත්...

      Delete
    2. කෝපය නිර්මාණයක් නෙවෙයි හැබැයි නිර්මාණයකින් කෝපයක් ගේන එක වැරැද්දක් නෙවෙයි නේද?

      Delete
    3. දේශක අයියා කියපු දේට එකඟයි.

      Delete
  16. නාඩියා සද්ද නැතුව හිටියට දන්න දේවල්.....................

    මොනවා වුණත් කතාව ඇත්ත මචං... මෙහෙම තමා අපේ උන්ට මේවා තේරුම් කරලා දෙන්න ඕනේ. නැත්තම් දැනෙන්නේ නැහැ... පට්ට මචං පට්ට

    ReplyDelete
    Replies
    1. වහලා ගැහුවට දැනෙන්නේ නෑලු නේ!

      Delete
  17. එල ද බ්‍රා..ලියපන් මචං අතපය දිගඇරලා බලන උන් බලයි පුලුවන් උන් තේරැම් ගනි.

    ReplyDelete
  18. හක් හක් හක්...

    ජ ය වේ වා !!! නාඩියෝ..

    ReplyDelete
  19. නාඩියෝ ජය වේවා හැමදාම බහුතර දේශපාලකයෝ බ්ලොග් පොන්නයෝ වගේ සිංහල ජාතියට ලංකාවට බැනපන්.. වැරදිලාවත් මුස්ලිම් එවුන්ට බනින්න එපා එහෙම උනොත් පොරක් වෙන්න බැරි වෙනවා... ජය වේවා..

    ReplyDelete
    Replies
    1. අනේ ඇනෝ මාමේ... කොහෙද දන්නේ නෑ මේකේ ජාතියකට බැනලා තියෙන්නේ..පොඩ්ඩක් මට හොයලා කියනවද!

      Delete
  20. ෂික් උඹේ *කේ රඟ බලන්න එන්න පරක්කු වුනානේ, ඇත්තටම අයි උඹ නොලියන්නේ දිගටම

    ReplyDelete
    Replies
    1. අනේ අයියේ ඉස්පාසුවක් තියෙන වෙලාවට ලියන්න එපැයි... සමාව භජනය වෙන සේක්වා

      Delete
  21. මේ කැමරාවට අහු වෙච්ච ඒවා විතරය. අහු නොවුන ඒවා කොයි තරම්ද ? කෙසේ හෝ මේවා එලියට එන එක හොඳය.

    ReplyDelete
    Replies
    1. අහු වෙන ඒවත් බලධාරියා කපා කොටන එක තවත් වැඩක්ය!

      Delete
  22. දූරංගමං ඒකචරං
    අසරීරං ගුහාසයං
    යේ චිත්තං සංයමෙස්සංති
    මොක්ඛන්ති මාරබන්ධනා
    යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ තනිව හැසිරෙන්නාවූ සිරුරක් නැත්තාවූ ශරීර ගුහාවේ නිදන්නා වූමේ සිත සංවර කරත්ද ඔවුහු මර බැම්මෙන් මිදෙත්.

    සියලුම ගැටළු වලටත් ඒ සියල්ලට විසඳුමත් සිතම මිස වෙන කිසිවක් නොවෙත්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.... සිත තමයි හැමදේකටම මුල...

      Delete
  23. අනේ යකෝ...

    කොහෙද බන් ලස්සන දේවාලේ තියෙන්නේ...ඔය ජාතියේ දේවාල විතරද තියෙන්නේ..? අනිත් ජාතියේ එව්වා නැද්ද දන්නේ නැහැ...

    මොනවා උනත් කන කුඩු වෙන්න ඇස එලියට පනින්න ලියල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. යකෝ ලංකාව පුරමත්, ඉන්දියාවෙත් ඔය ඕන තරං ෂිව ලිංග තීන්නෙ දේවාලවල.

      මම හිතා උන්නෙ හින්දු විතරයි xකට වඳින්නෙ කියල. බලනකොට තව ජාති ඉන්නව!

      Delete
    2. හැබැයි අපේ කට්ටිය කෑ ගහන්නේ මේවා කවදාවත් දැකපු නැති විදිහට

      Delete

Related Posts Plugin for WordPress, Blogger...