මේක අමුතුම කතාවක්.. විශ්වාස කරන්න අමාරු උනත්
විශ්වාස කරන්න වෙන කතාවක්! මොකද අදෘශ්යමාන බලවේග... භූතයෝ... කුම්භාණ්ඩයෝ ගැන කතා
කරන ලෝකේ.. අංජනම් එලි වලින් ලෝකේම හොල්ලන කාලේ අපේ මනුස්සයෙක් ඉරට්ටෙන් පොළොව
ඇතුලේ හැංගිලා තියෙන භූගත ජල ධාරා ඉරට්ටකින් හොයන්න පටන් අරගෙන!
මේ සිද්ධිය මට ආරංචි උනේ අවාරෙට පොල් වැටෙනවා වගේ
ගමේ ගිය වෙලාවක. ආරංචිය ආපු විදිහට මේ හපන්කම කරන කෙනා මම හොඳට දන්නා අඳුනන
කෙනෙක්! මෙච්චර කාලයක් කොහොමද මේ නාඩියා දන්නේ නැතිව මෙහෙම දෙයක් වෙන්නේ ඈ!
කෙටියෙන්ම කිව්වොත් මෙහෙමයි වෙන දේ!
ඒ මාමාගේ නම ජයසුන්දර. ගමේ අය කියන්නේ ගොවිරාළ
මාමා කියලා... ගම කුරුණෑගල දිස්ත්රික්කයේ මා ඔයට මායිම් වෙලා පිහිටලා තියෙන කොහොඹපොළ
කියන ගම.
ඒ මාමට පුළුවන් පොල් ගහක අත්තකින් කඩා ගන්න
ඉරට්ටක් නමලා අතේ අරගෙන ගිහින් පොලොව යට ජල උල්පත් තියෙන තැන් හරියටම කියන්න! ඒ
මාමා අතේ තියෙන ඉරට්ට පොළොවේ යට වතුර තියෙන තැන් වලදී පොලොව දිහාට ඉබේ හැරෙනවා!
මම ඉතිං ප්රශ්න පත්තරයක් දිග ඇරියා...
කොච්චර යටක තියෙන වතුරක් මේ ක්රමයෙන් හොයන්න
පුලුවන්ද?
“ඒ ගැන නම් මම දන්නේ නෑ! බඹ 10ක් 15කට වඩා වැඩි
යටකින් තියෙන වතුරක් උනත් මේකට අහු වෙනවා.”
මාමාට මේ විදිහට වතුර හොයන්න පුළුවන් කියලා
කිව්වේ කවුද? කවුරු හරි ඉගැන්නුවාද?
“එහෙම නෑ.අපේ අප්පොච්චා කියලා තියනවා මේ විදිහට
කරන්න පුළුවන් කියලා. ඒ උන්දෑ ටත් පුළුවන්. මේක මං නම් හිතන්නේ අපේ ලේ භූගත ජලය
එක්ක තියෙන ආකර්ෂණයක් කියලා.”
පොලොව මතුපිට තියන වතුරටත් මේ විදිහට ඉරට්ට
ඇදෙනවද?
“නෑ.පාලමක් උඩින් ගියත් යටින් වතුර ගලාගෙන ගියා
කියලා ඉරට්ට ඇදෙන්නේ නෑ.(මේ වග මා විසින් සනාථ කරගන්නා ලදී)”
මේ ගන්න ඉරට්ටේ මොකක් හරි විශේෂත්වයක් තියනවද?
“කිසිම දෙයක් නෑ.නිකම් ගහකින් කඩා ගන්න ඉරට්ටක්”
මේ දේ කරන්න ඉස්සරලා පේ වෙනවා හරි මොකක් හරි
දෙයක් කරනවද?
“නෑ...”
මේකට මොකක් හරි අදෘශ්යමාන බලවේගයක් සම්බන්ධ
කරගෙනද කරන්නේ?
“නෑ..එහෙම දෙයක් කරන්නේ නෑ...”
මේ විදිහට මාමා දැන් ළිං කීයක් විතර කපන්න උදව්
කරලා තියනවද?
“අපේ ගමෙයි අහළ පහල ගම් වලයි ළිං තුන් හාරසීයක්
විතර කපන්න ඕනේ තැන් මම පෙන්නලා දීලා තියනවා කිසිම සල්ලියක් ගන්නේ නැතිව”
මෙන්න මේකයි කතන්දරේ... ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්
එකකුත් ඔන්න යටින් දැම්මා.... බලලා කියලා එහෙම මොකද්ද මේ කියලා හොයලා කියන්නකෝ....
අපේ ගම් වල ඉන්න මිනිස්සු ළඟ කොච්චර නම් අපූරු තොරතුරු රහස් හැංගිලා තියනවද.... ඇයි අපි ටිකක් ඒ ගැන හොයලා බලන්නේ නැත්තේ???