නාඩි සෙට් එක

Monday, July 9, 2012

අල ගෝනි හා නයිස් බුරි (18+ නොවේ)

නාඩියා හොද ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක්ය..මේ නාඩිය කොටන්නට සිත් වූයේ ඇස් දෙක ඇරගෙන පාරේ යන්නට බැරිම වූ තැනය!නමුත් මම තලේබාන් කාරයෙක් නොවෙමි!සුන්දර ලලනාවන් අල ගෝනි මෙන් ඇද පැළද සිටිය යුතුයැයි මම නොකියමි!නමුත් මේ ලංකාවය...Las Vegas නොවේ!

වටෙන් පිටෙන් යන්නේ නැතිව ඔන්න කතාවට බැස්සා!නාඩියා මේ දවස වල වැඩි හරියක් හිටියේ පාරවල් ගානේ!කැට ගියා..එක එකා එක්ක රස්තියාදුවේ ගියා...ඔය යන  ගමන්  වලදී ඉතින් ශ්‍රී ලාංකික ස්ත්‍රී ලාලිත්‍ය විදින්නත් හම්බ උනා...මොනවා උනත් නාඩියා තාම හිරිමල් වයසේ කොලු ගැටයානේ!පාරේ දැක්ක තොරොම්බල් දැකලා බය වෙච්ච පාර ගෙදර ඇවිත් එක හුස්මට වතුර උගුරු 7 ක් බිලා තමයි පියවි සිහියට ආවේ!

“තොටිල්ල පදවන අත ලෝකය පාලනය කරයි..”

“ලෝකය බිහි වන්නේ හිරුගේ රැසින් හා මවගේ කිරෙන්ය...”
කියලා පඩිවරු කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයිනේ!ලෝකේ තියන වටිනාම වචනය තමයි “අම්මා” ඒ උතුම් පදවියට පත වෙන්න පුලුවන් කාන්තාවකට විතරයි...ඒ හින්දා කාන්තාව කියන්නේ පුජනීය වස්තුවක්!

හැබැයි ඉතින් ඒ පුජනියත්වය කෙලෙස ගන්නෙත් කාන්තාවෝම තමයි!මොනවා උනත් තමන්ගේ විනය හැදිච්චකම කියන ඒවා අදින පළදින හැටියෙන් පේනවා කියලා අපේ අය තේරුම ගන්න ඕනේ..

මේක කියෝන බවලත් උදවියගේ ඉතින් දැන් ඇගේ මාළු ගඟේ මූදේ නටනවා ඇති නාඩියාගේ හොම්බට හැත්තෑවක් දෙන්න ඇත්නම් කියල!අනේ එහෙම කරන්න එපා මං පවුනේ!

අර සැළලිහිනියේ රාහුල හාමුදුරුවෝ වර්ණනා කරපු විදිහට....කැටපත් පවුරේ කුරුටු ගී වල ලියවිලා තියෙන විදිහට කාන්තාව කියන්නේ සොභා දහමේ අපුර්වතම නිර්මාණයක්!නාඩියාටනම් එච්චර වර්ණනා කරන්න දන්නේ නෑ!හැබැයි කෙටියෙන්ම කියනවානම් “කාන්තාව වනාහි මං දැකපු සුන්දරම අයිටම් වලින් එකකි!”ඉතින් එහෙනම් අපේ අක්කලා නංගිලා ඒ සුන්දරත්වය ඔප් නැංවෙන විදිහට අදින එක නේද හොද?

ඉස්සර කවියෝ අපේ ගැමි ලියන්ට උපදෙස් දුන්නලු “සළු ඇඳ බොලට දක්වා...” එහෙම කියල...බලන්න කොච්චර සුන්දරද කියල ඒ කාලේ...


ඒකට මෙන්න දැන්!දිගට නම් අදිනවා!හැබැයි උඩට එනකම් පලනවා!කලිසමක් ඇන්දොත් කකුල් එහා මෙහා කරද්දී ඒක පැලෙයි කියල අපිට බයත් හිතෙනවා...!නැත්නම් අදින රෙදි කෑල්ල අඟල් දෙක තුනකටවඩා දිග නෑ!ඔන්න වැඩේ!(18+ ද මන්දා?)


ලංකාවේ අපේ කාන්තාවන්ගේ ජාතික ඇදුම විදිහට සලකන්නේ ඔසරිය...සාරියත් office නැත්නම් පාසල් යද්දී වැඩිපුර භාවිතා වෙන ඇදුමක්...මං දන්න විදිහට ඔය සාරියට ගන්න රෙද්ද යාර 6 ක් දිගයි!හොඳට විලි වහගෙන ඔතා ගන්න ඇතිනේ? හැබැයි පුදුමේ කියන්නේ ලංකාවේ අපේ අය සාරිය ඇන්දහම ඇගෙන් හතරෙන් තුනක්ම එළියේ!ඉස්සරහට නැමෙන්නත් බෑ...හංසයෝ පැනලා යනවනේ!

අපි ඉස්කෝලේ යන කාලේ හිටියා අපේ ඉස්කෝලෙත් මිස් කෙනෙක් හිටියා අදින්නේ ඇගෙන් බාගයක් එළියේ තියෙන විදිහට(ඔය ප්‍රදීප් අයියා එහෙම හොදට දන්නවා...හික්ස් )ඒ කාලේ අපේ කොල්ලෝ ඒ මිස්ට කිව්වේ “නයිස් බුරි” කියල!මොන ඉගෙන ගැනිල්ලක්ද ඒ වගේ අයගෙන්!අපෙත් ඉතිං තෙල මෝරන කාලෙනේ!

මේක කියෝන අය දැන් කියයි නාඩියා කියන්නේ හද්ද ගොඩයෙක් !හණ මිටි අදහස් වලින් ඔලුව පුරෝ ගත්තු අන්ද කයිප්පු කාරයෙක් කියල!

අනිත් එක බවලත්තු මෙහෙමත් කියයි..

“හඃ!අපි කොහොම ඇන්දාම තොපිට මොකෝ?තොපේ ඒවා නෙවෙයිනේ පෙන්නේ!”

 ඇත්ත..අපේ ඒවා නෙවෙයි තමයි පෙන්නේ..හැබැයි ඒ පෙන්නේ රටේ හැදිච්චකම!තම තමන්ගේ ඔලුවේ තරම!

ඔය බියුටි කචල් ප්‍රදර්ශන වලින්..තරු තරඟ වලින් කානතා නිරුවත මාකට් කරන එකත් මේකට හේතුවක්!ලන්කට් ඇඩ් එකටත් අනිවා කෙල්ලෙක් දානවා!
(මේකේ ඔය Ceylon කියල එල්ලගෙන ඉන්න එක්කෙනාව දන්නවද බලන්න..හික්ස්....) 

මම කොහේදෝ තිබිච්ච පොතක කියෙව්වා ඔය අනවශ්‍ය පරිදි අඟ පසඟ පෙන්නගෙන යන එකට කියන්නේ ප්‍රදර්ශන කාමය කියලලු!ඒක මානසික රෝගයක්ලු!අනේ මං නම් දන්නේ නෑ! ඩොකා ගෙන් තමයි අහන්න වෙන්නේ!

මේ ළඟදී බුකියෙත් මං මේ subject එකට ළඟින් යන දෙයක් කතා කළා..එකනම් ලිව්වේ ගිය සුමානේ රෑක ලබපු අද්දැකීම් වලින්!හැබැයි  දාල පැයක් ගියේ නෑ කෝල් කරලම යුද්ධ ප්‍රකාශ කළා!(කවුද කියලනම් අහන්න එපා!!)


කොච්චර  කොහොම හැඩ වැඩ කලත් අන්තිමට මෙච්චරයි!!!!!

නාඩියා කියන්නේ නෑ ලස්සනට අදින පළදින එක වැරදියි කියලා...මොකෝ රෙද්ද හැට්ට ඇදගෙන පාරේ යන්න අපේ ගැටිස්සියන්ට පුළුවනෑ!! හැබැයි සංවර කම පොඩ්ඩක් වත ගෑවිලා තිබුනොත් හොදයි නේද?

අන්න එදාට අපි වගේ අහිංසක කොල්ලෝ කුරුට්ටන්ට බිම බලන්නේ නැතිව පාරේ යන්න පුළුවන් වෙයි...






ලයික්  එකකුත් දාල යමුද?

61 comments:

  1. පට්ට මචෝ....මම 200% එකඟයි....මගේ කෑල්ලනං ඔහොම ඇන්දොත් ඊළඟ දවසේ ඇවිදින්න වෙන්නෑ....හිකිස්‌..රැඩිකල් වැඩිද මන්දා....මොනවා උනත් ගෑනු හැතිකරේට බැරිනං උන්ගේ පිරිමි පරාන ටිකවත් ඕකුන්ට අන්දන්න දැනගන්න ඕන...බාගෙට වහගෙන ගිහින් අන්තිමේදී කියනවා අරක කරාලු මේක කරාලු කියලා..ඇයි යකෝ..අපිත් පෘතග්ජන මිනිස්සුනේ..

    ReplyDelete
    Replies
    1. අන්න කතාව!!!පිරිමිත් දැන ගන්න ඕනේ බං තමන්ගේ එක හදා ගන්න!අහන්නේ නැත්නම් ඒක උගේ කොන්ද පණ නැති කම!

      Delete
  2. ඉතාමත් කාලීන වටිනා දෙයක් ඉදිරිපත් කිරීම සම්බන්දයෙන් ඔබට තුති,මම බුකියේද පෑවසු අන්දමටම මෙයට පිලිතුරු බොහො ලෙස උවමනා වෙන්නේ කාන්තාවන්ගෙන්,නමුත් මම ලොකය දෙස බලන ඇසෙන්නම් මෙය අනිත් රටකට ගෑලපුනාට අපේ රටටනම් මෙය හිරිකිත දර්ශනයක්......

    හුදෙක්ම වානීජකරනය මත කාන්තාව සෙල්ලම් බඩුවක් වීම ගෑනනම් ඉතාමත් කනගාටුයි,ඒත් එය සිදු කරන්නේද මාධ්‍ය කලාව බව මගේ සිතුවිල්ලයි...කුමක් උනත්

    තමන්ගේ ආත්ම ගෞරවය තබා ගෙන කෙල්ලෙක්ට ඉන්න බෑරිකමක් නෑත ඔවුන් කරන්නේ අනුකරනය මිස අනුගමනය නොවන නිසාය....

    ReplyDelete
    Replies
    1. ඇත්ත..මාධ්‍ය මේකට වග කිව යුතුයි....හැබැයි සබුද්ධික ජනතාවක් විදිහට අපිත් මේ වගේ දේවල් වලට අනුවල දීමක් වක්‍රාකාරයෙන් හරි කරනවානම් අපිත් වැරදියි....අපි බලමු බවලත් උදවිය මේ ගැන මොකද කියන්නේ කියලා....

      Delete
  3. කතාව ඇත්ත... සහතිකම ඇත්ත...
    100% එකගයි නාඩියත් එක්ක.

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් එල!උඹේ අර අහිංසක නංගිටත් මේ ටික පෙන්නපන්.... ;)

      Delete
  4. නියම කතාව... පට්ටයි ඈ...

    හැබැයි ඉතින් දියුණුවෙන රටවල් හැටියට බාගෙට අඳින්න ඕනේ කියලා හිතන ගෑණුත් ඉන්නවනේ.උන්ගේ මොලේ කොහෙ තියෙනවද දන්නේ නෑ.... ඔව්වා එපා කිව්වම කාන්තා විමුක්තියයි නිදහසයි ගැන කතා කරන්නත් එනවනේ.මොනා උනත් දෙමාපියො උනාම තමන්ගේ ගෑණු දරුවා බඳිනකන් අවධානෙන් ඉන්ටෝන බැන්දට පස්සේ ඉතින් නටන මගුලක් මිනිහා එක්කනේ... ඒ වගේම කොල්ලොත් දැනගන්න ඕනේ කෙල්ලව හදාගන්න...

    ලංකාවේ කෙල්ලෝ බලන ගොං හින්දි ෆිල්ම් නිසා තමා කෙල්ලෝ හිතනවා ඇත්තේ කෙල්ලෙක් උනාම බඩු ටයිප් එකෙන් ඉන්ටෝන කියලා...

    ReplyDelete
    Replies
    1. සිරා වචන ටික ගැමියෝ!හින්දි ෆිල්ම්!!!!!ඕකත් එක හේතුවක් තමයි!හැබැයි ඔය හින්දි උණ හැදිච්ච එකෙක් ඉන්දියාවට ගිහින් සතියක් හිටියොත් ආයේ ඒ පැත්ත බලාගෙන බත් කන්නෙත් නෑ!අනිවා!

      Delete
  5. මොන මගුලක් කොහාට ඇඳගත්තත් කමක් නෑ, ළමයි දෙන්නා තුන්දෙනා ඉන්න එවුන් පන්සලට එන්නෙත් චීත්ත ජංගි කෑලි ඇඳගෙනනේ. මුන් තනිකරම ප්‍රදර්ශන කාමයෙන් පෙලෙන එවුන්. අඳුනන එවුන්ට මම කියනවා 'නොයනු මැනවි දා තනිකර එළියේ' කියලා. ඒ කියන්නේ තනිකරම එළියේ දාගෙන යන්න එපා ටිකක් හරි වහගෙන යන්න කියලා. (සමාවෙන්න ප්‍රියා සූර්යසේන මහතාණෙනි)

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. දැන් තමයි කම්පනාවට ආවේ, අර කළු සුදු පින්තූරේ ඉන්නේ ආර්යා භාර්යාව නේද?


      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    2. ඒක ඇත්ත!ටිකක් හරි වහගෙන යනවනම් ගොඩ....හික්ස්...ආර්යා භාර්යාව තමයි!!!ලස්සනයි නේ! ;)

      Delete
  6. මක් කරන්නද නාඩියො...රට යන අත...
    අම්මලනෙ දුවලට ඔය විකාර අන්දන්නෙ...චූටි බබාලට පවා

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට අම්මයි දුවයි හොයා ගන්නත් බෑ!!

      Delete
  7. ඇන්ටිලාට කනේ පාරක් :D

    ReplyDelete
  8. භාගෙට ඇඳගෙන යන එළදෙන්නුන්ට තේරෙන්නේ නෑනේ කොල්ලො බලන්නේ ආතල් එකට මිසක් උන්ව අයිති කරගන්න නෙවෙයි කියලා... අපි මොනා කරන්නද බං

    ReplyDelete
    Replies
    1. එළදෙනුන්ටත් අන්තයි බං!උන්ටත් ටිකක් වත් මොලේ තියනවා!!

      Delete
  9. නැත්තං නැත්තං නාඩියෝ... අපේ ඉක්කෝලෙ උන්න නේනන්ම්... :P කාන්තා හිංසනය ගැන කතා කරන අය කාන්තාවන්ගෙන් පිරිමින්ට වෙන මානසික හිංසනය ගැන කතා කරන්නෙ නෑනේ නේද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත!අපිවත් කාන්තාවන්ගෙන් පිරිමින්ට වෙන මානසික හිංසනය ගැන කතා කළොත් නරකද?

      Delete
  10. haah ara biuti queenlage pinthure ubath damma neda?
    Sudu wan eka raja gedara yanna lasthi weyan ehenam :-)

    ReplyDelete
    Replies
    1. සෝයිනේ!එතකොට මට බියුටි ක්වින් ව බලල එන්නත් පුළුවන් වෙයිනෙ!!!ආසචේ බෑ! ;)

      Delete
  11. අමතක කරන්ඩ එපා යාළු ඔව්වා භයානකයි
    මතකද එක්කෙනෙක් ටෙනිස් ගහනවා ෆොටෝ ගත්ත එකාට වෙච්චදේ

    ReplyDelete
    Replies
    1. අම්ම ගහයි බැට් එකෙන්!එහෙනම් නාඩියා අතුරුදහන් කියල ළඟදීම නිව්ස් එකක් යයි නේ!!!!

      Delete
  12. fatta........hithata wadinawa...eth ithin samasatha ganu janathawata apahasa karala wadak na nadiyoo..mokda lanakwa hoda ganu pirisakuth innwa..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..ඒ කතාව මම පිලිගන්නවා!මේක සමස්ත ස්ත්‍රී වර්ගයාටම කියන එකක් නෙවෙයි!

      Delete
  13. බ්ලොග් සතියට නිර්මාණ ඉදිරිපත් කල ඔවට ස්තූතියි!

    ReplyDelete
  14. ගෑනු ඇග පේන්න ඇන්දම නාඩියට තියෙන අවුල මොකද්ද කියල මට හරියට තේරුනේනෑ. අනික ඔය ගෑනුන්ගෙ ඇගවල් දැක්කම කෑගහන්නෙ තමන්ට ඒවගේ මිනිස්සුන්ගෙ අවධානය ගන්න පුලුවන් ගෑනියෙක් අයිති කරගන්න බැරි උන සහ බැරිය කියල හිතන මිනිස්සු. අනික ඔය කවුරුත් බනින්නෙ තමන්ගෙ ගෑනුන්ට නෙවෙයිනෙ කොහෙවත් යන ගෑනියෙක් ඇග පේන්න නෙවෙයි හෙලුවෙං ගියත් අපිට මොකද?

    ReplyDelete
    Replies
    1. අන්න දිනුක මහත්තයට වැරදුන තැන...අපි මේ කතා කරන්නේ "අපේ" සමාජය ගැන...මට කිසිම අමාරුවක් නෑ ගෑනු අදින දිහා බලලා ඔය විදිහට කෑ ගහන්න!නමුත් මම හිතන විදිහට මට වගකීමක් තියනවා යමක කමක් තේරෙන එකෙක් හැටියට වැරදි දේට වරදයි කියන්නත්..ඒක නිවැරදි කරන්න උත්සාහ ගන්නත්..."අපිට මොකද්ද තියන අමාරුව" කියල අපි හැමෝම ඇත පිහ දා ගත්තොත් අපි ඔය උජාරුවෙන් කතා කරන ශ්‍රී ලාංකික සභ්‍යත්වේ...සදාචාරේ කියන එකක් වත් ඉතුරු වෙන එකක් නෑ!

      Delete
    2. ශ්‍රී ලාංකික සභ්‍යත්වයයි, වික්ටෝරියානු සභ්‍යත්වයයි පටලවගෙන වගේ. අතීතයේ අඩ නිරුවත ශ්‍රී ලාංකිකයන්ට සාමන්‍ය දෙයක් වෙලා තිබුනෙ. එහෙම උනා කියල පිරිම හැම ගැහැණියම දූෂණය කරන්න ගියේ නැහැ.මොකද අතීතයේ ඒක වරදක් විදියට දැක්කෙ නැහැ. අනික දැන් වගේ බුරියක් දැක්ක ගමන් උන්ට නැග්ගෙ නැහැ. කුහකත්වය තියෙන්නෙ මචන් අපේ පිරිමින්ගෙ.
      ගැහැණිය කියන්නෙ පිරිමින්ට අයිති වස්තුවක් කියන අදහස දැන්වත් අතෑර ගනින්. පිරිමින්ට තියෙන හැම අයිතියම ගැහැණියට තියෙන්න ඕන. ඒක ඔවුන්ගෙ අයිතිය. අපි අපිට පාලනය කරගත්තම් මේ එක ප්‍රශ්ණයක්වත් තියෙන්වද?

      Delete
    3. //අතීතයේ අඩ නිරුවත ශ්‍රී ලාංකිකයන්ට සාමන්‍ය දෙයක් වෙලා තිබුනෙ.// සමහර විට මේ කියන්නේ අතීතයේ සමහර කුල වල කාන්තාවන්ට උඩු කය වසන්ට තහංචි පනවලා තිබ්බ එක වෙන්න ඇති...
      හැබැයි මම වික්ටෝරියානු සභ්‍යත්වයක් පටලවා ගත්තේ නෑ! ( ඒ මොකද්ද කියලා හරියටම නම් දන්නේ නෑ!) හැබැයි එහෙනම් අතීතයේ ඉඳන් (බුදුහාමුදුරුවෝ පවා) මිනිස්සුන්ට අදින්න පළදින්න ඕනේ හැටි දක්වලා තියෙන්නේ මොකටද?
      ගැහැනුන්ට පමණක් නෙවෙයි...පිරිමින්ටත් අදින ඇඳුමේ සංවර බවක් තිබිය යුතුමයි.
      ගැහැණිය පමණක් යටත්ව ජිවත් විය යුතුයැයි මම කියන්නේ නෑ! සියලු දෙනාටම සම අයිතීන් තිය යුතුමයි!

      Delete
  15. ඇත්තටම හිතන්න දෙයක් තියනවා මේ පෝස්‍ට් එක ඇතුලේ.. මහමඟදී කාන්තාවන්ට වන කරදර වැඩි වෙන්නත් එක හේතුවක් තමා ඔවුන් මේ අදින පළදින විදිය

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ..අද රටේ ස්ත්‍රී දුෂණ....කොච්චර වැඩි වෙලාද???එකට මේවත් අනියමින් හරි දායක වෙනවනේ නේද?

      Delete
  16. ඔයාගෙ කථාවට මමත් එකගයි නාඩියා...මමත් කියන්නෙ ඔය ගෑනු දැරිවියොන්ගෙ වැරැද්ද නෙවෙයි ඔය අම්මලාගෙ වැරැද්ද? අම්මෙකුට අත දික්කරන එක පවක් නමුත් අම්මෙක් ළග හැදුණු ළමයෙක්නම් ඒ අම්මා හොද නරක කියල නොදුන්න කමට කරන වැඩ.කොහොමත් දැන් කාලෙ අය තැනට සුදුසු විදියට අදින්න දන්නෙම නැති අය..ඒකෙන් වෙන්නෙ ගෑණු සංහතියටම නරක බැජ් එක වදින එක..

    ReplyDelete
    Replies
    1. මේකනේ අම්මලත් අද රැල්ලක් දිගේ යන්න පුරුදු වෙලානේ!!එකට තමන්ගේ දුවලවත් ඇදලා දා ගන්න එක තමයි තියෙන වැරැද්ද!

      Delete
  17. මේක තමයි රැල්ල කියලා සාද පාරට ගහගෙන යනකම් අපිට බලාගෙන ඉන්න නම් බෑ, එත් ඉතින් කොහොම හරි දියකඩනයක් දාලා රැල්ල එන එක නවත්වන්න අපිට පුළුවන්නේ,...මේ කාලෙටනම් ගොඩක් වටිනා කතාවක්; මොකද ඉර අව්වත් හරි හරියට සැරයිනේ...හේ හේ :) කොහොමවුනත් අපේ කාන්තා පාර්ශවය ගැන වෙනත් රටවල් එක්ක බලනකොටනම් ගොඩක් සතුටුත් හිතෙනවා නේද...:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්...ඇත්තටම සතුටුයි...හැබැයි ඒ තියෙන ගෞරවය තමන්ම නැති කරගන්න එක තමයි දුක...

      Delete
  18. කාලයට ගැලපෙන ලිපියක්. සමහර වෙලාවට ටෙලිවිෂන් ප්‍රෝග්‍රම් යනව ඒවයේ ඉන්න එවුන්ගේ ඔක්කොම එලියේ. කැමරා කරන එකත් ඒව අහු වෙන්නම අර ගන්නව. ඕව බලන් ඉන්න අපේ සමහර අය හිතන්නේ අන්න පැෂන් කියලා. ඕන පැෂන් එකක් වහ ගන්න ඕන තැන් වහගෙන කරනව නම් කිසි අවුලක් නෑ. එහෙම අයට බොහෝ දුරට ඉබේම ආරක්ෂාවක් ලැබෙනව. මොකද කවුරුත් බලන්නේ ගෞරවයෙන් නේ.

    ReplyDelete
  19. අපේ රටට ඔය විදියට යන එක ගැලපෙන්නේ නෑ කියන එකට නං මම එකගයි.හැබැයි කාන්තාවන්ට කරදරයක් උනාට පස්සේ එකට හේතුව එ කෙනා බාගෙට ඇදගෙන ගිය නිසා කියලා කියනවට නං මං විරුද්ධයි.
    මොකද කවදාවත් අමුඩෙ ඇදන් හිටපු ගොවියො දූෂණය කරලා ගිහින් කියලා අහන්න ලැබිලා නෑ නේ.
    එතන තනිකර තියෙන්නේ පිරිමින්ට හැගීම් පාලනය කරගන්න බැරිකම

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම!මම කිසිම වෙලාවක කාන්තාව පිටේ වැරැද්ද පටවන්නේ නෑ!පිරිමියා අතේ තමයි වැරැද්දෙන් 80% ක්ම තියෙන්නේ...

      Delete
  20. අමතක උනා කියන්න,
    අද තමා ඔන්න මුලින් ම ආවේ.දිගටම එන්නම්
    ලියන විදිය ලස්සනයි
    ජය වේවා!!

    ReplyDelete
  21. කතාව නම් ඇත්ත,.. ඒත් ඉතින් යම් පිරිසක් කරන වැරද්දට සමස්ත ගැනු ජාතියටම ඇගිල්ල දික් කරන එක නම් වැරදි... අපි 21ක් වන ශතවර්ශයේ ඉන්න එක නම් ඇත්ත ඒත් එහෙමයි කියලා අපි දැනගන්න ඕනා අපි තාමත් ජිවත් වෙන්නේ ශ්‍රි ලංකවේ බව.. අපේ රටට යුරොපිය සංස්කෘතිය නොගලපෙන බව ඉතින් අපිම තෙරුම්ගන්න ඔනේ...

    ReplyDelete
  22. සම්පූර්ණ ඇත්ත නාඩියෝ කියල තියෙන්නේ

    ReplyDelete
  23. I am just asking Nadiyaa, If you go back to some 200, 300 years back in history, Our women wore topless dresses. S (you are a good reader), In The village in the Jungle( 1913) clearly described the dress code of Sri Lanka. There is a debate over the dress code of cultures and its evolution. The basic criteria which affect the dress code is Environmental factors & weather. Considering such factors our dress code should be something which is very much comfortable for a tropical country.

    Even I am jealous or against what women wear these days but if you deeply think about it, there is nothing to blame about the way they dress.

    I read an article about Sexual jealousy & the article described this is also a form of Sexual Jealousy !

    ReplyDelete
    Replies
    1. yes aiya, It is proven that our ancient ladies specially the people who were labeled as the law cast wore topless dresses. I think that was not because the climate. It was because the emperor ordered them to do so....
      That is not jealousy. Acoording to my point of view Sexual jealousy refers to the feeling that a man is having because he thinks he is neglected because of his/her sexual appearance..
      But do you think if a woman is in half nude get a positive sexual attraction??
      Then what about the proud Sri Lankan culture we all talk everyday????

      Delete
  24. කතාවනම් එල, ඕවට හෙතුඅ බුද්ධි මට්ටම තමඊ ............

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. සිරා කතාව මචන්.අද තමයි මම මුලින්ම බ්ලොග් කියවන්න අවේ.අපු ගමන් හොද ලිපියක් දැක්ක.දෙයක් උනාට පස්සේ කෑ ගහල වැඩක් න නේ.හැබයි දැන් ඉන්න කෙල්ලොන්ට මේවා කිව කියල වැඩක් නෑ.....උන් හරියට පාරේ ඇදන් යනවා නම් කොල්ලෝ වචනයක් වත් කියන් නැ නේ.ඕන එකෙක්ගේ කට නලියනවනේ ඕව දකිනකොට..........සුබ පැතුම් සහෝ.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඒකනම් ඇත්ත! බොහොම ස්තුතියි!

      Delete
  27. ලංකාවේ ඉන්නකොට ලංකාවේ කැලි දැකල එපාම වෙලා හිටියේ..දෙන සුද්දියෝ දෙකලම එපා වෙලා බන්..උන් ඉතින් යන්නේ කොහොමත් හෙලුවෙන්නේ..කතා කරන්නෙත් කිස්ස් එකක් දීල..එක්කෝ ලොකු හග් එකක් දීල..දැන්නම් ලංකාවේ කෑල්ලක් ඔසරියකින් දකින්නත් ආසයි ආසයි වගේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ලංකාවේ ඉන්න අපිටත් ආසයි එහෙම දකින්න....

      Delete
  28. හැමදාම කියනවා වගේ. මේ ආසියාව සංස්කෘතියත් එක්ක බැඳුනු රටවල්. මේ ඒරොප්පේ නෙමෙයි.
    අපි අපේ සම්ප්‍රදාය එක්ක යන්න ඕනේ. ඒක තමයි අවේනිකත්වය.
    සම්ප්‍රදායට කොටු වෙලා මුළුගැන් උන ලිං ගෙම්බෝ වෙන්න කියනවා නොවේ. නමුත් ලැජ්ජාව භය නැත්නම් හැම එකාම නිරුවත්. නාඩි හරි ඇඟ පෙන්වන එක කාමය. ඒක මානසික රෝගයක්....

    බොර දියක ඉඳුවර

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. මමත් මේ කතාවට එකඟයි.ඒ ඒ ඇඳුම් අඳින්න,පළඳින්න අපේ කෙල්ලො හරි ආසයි.වැඩේ තියෙන්නේ ඒවා ඇඳගෙන ගෙදරින් එලියට බහින්නෙත් ඒ විදියටම ලකලැහැස්තිවුනු තමුන්ගෙ අම්මත් එක්කනෙ....ලංකාවට ගැලපෙන විලාසිතා නැතුව නෙමෙයි.ඒත් අපේ අයත් කැමතිම උඩින් වියතක් සහ යටින් වියතක් වහගන්න විතරයිනෙ.දැන් දැන් ඒ ප්‍රමානෙත් අඩුයිද මන්දා..

    ReplyDelete
  31. අදින එක නෙමෙයි වැඩේ ඕක ඒදන් ගිහින් වාඩිවෙන්න ගියාම ඇබරෙන ඇබරිල්ල ඊළගට අපි බැලුවම රවනව හරියට අපි ඇන්දුවා වගේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...